අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.4.1. සේඛ සුත්තං

6.1.4.1. හික්මෙන භික්ෂුව ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡයිමේ භික්ඛවේ ධම්මා සේඛස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තන්ති:

කතමේ ඡ: කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංගණිකාරාමතා, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා, භෝජනේ අමත්තඤ්ඤුතා. ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මා සේඛස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තන්ති.

මහණෙනි, ධර්ම මාර්ගයෙහි හික්මෙන භික්ෂුවගේ පිරිහීම පිණිස මේ කරුණු සය හේතු වෙයි. ඒ කවර කරුණු සයක් ද යත්;

බාහිර වැඩකටයුතුවල ඇලීම ය. කථාවෙහි ඇලීම ය. නින්දෙහි ඇලීම ය. පිරිස් සමඟ ඇලීම ය. ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති බව ය. වළඳන ආහාරයෙහි අරුත නොදන්නා බව ය.

මහණෙනි, ධර්ම මාර්ගයෙහි හික්මෙන භික්ෂුවගේ පිරිහීම පිණිස මේ කරුණු සය හේතු වෙයි.

ඡයිමේ භික්ඛවේ ධම්මා සේඛස්ස භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති.

කතමේ ඡ: න කම්මාරාමතා, න භස්සාරාමතා, න නිද්දාරාමතා, න සංගණිකාරාමතා, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා, භෝජනේ මත්තඤ්ඤුතා. ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මා සේඛස්ස භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්තීති.

මහණෙනි, ධර්ම මාර්ගයෙහි හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ කරුණු සය හේතු වෙයි. ඒ කවර කරුණු සයක් ද යත්;

බාහිර වැඩකටයුතුවල නොඇලීම ය. කථාවෙහි නොඇලීම ය. නින්දෙහි නොඇලීම ය. පිරිස් සමඟ නොඇලීම ය. ඉඳුරන්හි වැසූ දොරටු ඇති බව ය. වළඳන ආහාරයෙහි අරුත දන්නා බව ය.

මහණෙනි, ධර්ම මාර්ගයෙහි හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ කරුණු සය හේතු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සේඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M