අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.3.9. උදායී සුත්තං

6.1.3.9. උදායී තෙරුන්ට වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

අථ ඛෝ භගවා ආයස්මන්තං උදායිං ආමන්තේසි:

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක.

“කති නු ඛෝ උදායි, අනුස්සතිට්ඨානානී?”ති. ඒවං වුත්තේ ආයස්මා උදායි තුණ්හී අහෝසි. දුතියම්පි ඛෝ භගවා ආයස්මන්තං උදායිං ආමන්තේසි. “කති නු ඛෝ උදායි, අනුස්සතිට්ඨානානී?”ති. දුතියම්පි ඛෝ ආයස්මා උදායී තුණ්හී අහෝසි. තතියම්පි ඛෝ භගවා ආයස්මන්තං උදායිං ආමන්තේසි. “කති නු ඛෝ උදායි, අනුස්සතිට්ඨානානී?”ති. තතියම්පි ඛෝ ආයස්මා උදායි තුණ්හී අහෝසි.

“උදායී, සිහි කළ යුතු අරමුණු කෙතෙක් තිබේ ද?”

මෙසේ අසා වදාළ කල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.

දෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක.

“උදායී, සිහි කළ යුතු අරමුණු කෙතෙක් තිබේ ද?”

මෙසේ අසා වදාළ කල්හී දෙවෙනි වතාවට ත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.

තෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක.

“උදායී, සිහි කළ යුතු අරමුණු කෙතෙක් තිබේ ද?”

මෙසේ අසා වදාළ කල්හී තෙවෙනි වතාවට ත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ ආයස්මන්තං උදායිං ඒතදවෝච: “සත්ථා තං ආවුසෝ උදායි, ආමන්තේතී”ති. සුණෝමහං ආවුසෝ ආනන්ද, භගවතෝ.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය පැවසූහ.

“ආයුෂ්මත් උදායී, ශාස්තෘන් වහන්සේ ඔබ අමතා විමසන සේක.”

“ආයුෂ්මත් ආනන්දයෙනි, මම භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ ගැන විමසමි.

“ඉධ භන්තේ භික්ඛු අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං, ද්වේපි ජාතියෝ ….(පෙ)….. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. ඉදං භන්තේ අනුස්සතිට්ඨානන්ති.”

ස්වාමීනී, මෙහිලා භික්ෂුව නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ විස්තර සහිත වූ පෙර විසූ කඳ පිළිවෙල නොයෙක් අයුරින් සිහි කරයි. ස්වාමීනී, සිහි කළ යුතු අරමුණ මෙය යි.”

අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “අඤ්ඤාසිං ඛෝ අහං ආනන්ද, නේවායං උදායි මෝඝපුරිසෝ අධිචිත්තමනුයුත්තෝ විහරතී”ති.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“ආනන්දයෙනි, මම දැනගතිමි. මේ උදායී හිස් පුරුෂ තෙමේ සමථ විදර්ශනා භාවනාවක නොයෙදී වාසය කරයි.

කති නු ඛෝ ආනන්ද, අනුස්සතිට්ඨානානී’ති.

ආනන්දය, සිහි කළ යුතු අරමුණු කෙතෙක් ද?”

පඤ්ච භන්තේ අනුස්සතිට්ඨානානී’ති. කතමානි පඤ්ච:

“ස්වාමීනී, සිහි කළ යුතු අරමුණු පසක් ඇත්තේ ය. ඒ කවර පසක් ද යත්;

(1) ඉධ භන්තේ, භික්ඛු විවිච්චේව කාමේහි ….(පෙ)…. (පඨමං ඣානං ….(පෙ)…. දුතියං ඣානං ….(පෙ)….) තතියං ඣානං උපසම්පජ්ජ විහරති.

ඉදං භන්තේ අනුස්සතිට්ඨානං ඒවංභාවිතං ඒවංබහුලීකතං දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.

1. ස්වාමීනී, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. (ප්‍රථම ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)….) තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ස්වාමීනී, මේ සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිත කළ විට, මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට මේ ජීවිතයේදී සැප සේ වාසය කිරීමට උපකාරී වෙයි.

(2) පුන ච පරං භන්තේ, භික්ඛු ආලෝකසඤ්ඤං මනසිකරෝති, දිවා සඤ්ඤං අධිට්ඨාති. යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා, ඉති විවටේන චේතසා අපරියෝනද්ධේන සප්පභාසං චිත්තං භාවේති.

ඉදං භන්තේ අනුස්සතිට්ඨානං ඒවංභාවිතං ඒවංබහුලීකතං ඤාණදස්සනප්පටිලාභාය සංවත්තති.

2. තව ද ස්වාමීනී, භික්ෂුව ආලෝක සංඥාව මෙනෙහි කරයි. දහවල් සංඥාව අධිෂ්ඨාන කරයි. දහවල යම් අයුරින් ඇද්ද, රාත්‍රිය ද එසේ ය. රාත්‍රිය යම් අයුරින් ඇද්ද, දහවල ද එසේ ය. මෙසේ විවෘත වූ සිතින් නීවරණයන් ගෙන් බැහැර වූ සිතින් ආලෝක සහිත සිත වඩයි. ස්වාමීනී, මේ සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිත කළ විට, මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට ඥාන දර්ශනය ලැබීමට උපකාරී වෙයි.

(3) පුන ච පරං භන්තේ, භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: ‘අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා බේළෝ සිංඝාණිකා ලසිකා මුත්තන්ති.

ඉදං භන්තේ අනුස්සතිට්ඨානං ඒවංභාවිතං ඒවංබහුලීකතං කාමරාගස්ස පහානාය සංවත්තති.

3. තව ද ස්වාමීනී, භික්ෂුව පා තලයෙන් උඩ කෙස් මතුවෙන් යට සම සීමා කොට නා නා ප්‍රකාර අසුචියෙන් පිරුණු මේ තමාගේ කය ම නුවණින් සළකයි. මේ කයෙහි කෙස් ඇත. ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙණහළු, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදය, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුළු සහ මූත්‍ර ඇත්තේ ය වශයෙනි. ස්වාමීනී, මේ සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිත කළ විට, මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට කාමරාගය ප්‍රහාණය කිරීමට උපකාරී වෙයි.

(4) පුන ච පරං භන්තේ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං ඒකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සෝ ඉමමේව කායං ඒවං උපසංහරති: “අයම්පි ඛෝ කායෝ ඒවංධම්මෝ ඒවම්භාවී ඒතං අනතීතෝ”ති.

4. තව ද ස්වාමීනී, භික්ෂුව යම් සේ අමුසොහොනෙහි අත්හළ එක් දිනක් ගත වූ හෝ දෙදිනක් ගත වූ හෝ තෙදිනක් ගත වූ හෝ මළසිරුරක් දකියි ද, ඉදිමී, නිල්වන් වූ, සැරව හටගත් ඒ මළසිරුර ගැන භික්ෂුව තම කයට ගලපා බලන්නේ වෙයි. මේ කය ත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙබඳු වන්නේ ය. මෙම ස්වභාවය ඉක්මවා නැත්තේ ය.

සෙය්‍යථාපි වා පන පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං කාකේහි වා ඛජ්ජමානං කුලලේහි වා ඛජ්ජමානං ගිජ්ඣේහි වා ඛජ්ජමානං සුනඛේහි වා ඛජ්ජමානං සිගාලේහි වා ඛජ්ජමානං විවිධේහි වා පාණකජාතේහි ඛජ්ජමානං, සෝ ඉමමේව කායං ඒවං උපසංහරති: “අයම්පි ඛෝ කායෝ ඒවංධම්මෝ ඒවංභාවී ඒතං අනතීතෝ”ති.

යම් සේ අමුසොහොනෙහි දමන ලද ශරීරයක් කපුටන් විසින් හෝ කනු ලබන්නේ උකුස්සන් විසින් හෝ කනු ලබන්නේ ගිජුලිහිණියන් විසින් හෝ කනු ලබන්නේ සුනඛයන් විසින් හෝ කනු ලබන්නේ සිවලුන් විසින් හෝ කනු ලබන්නේ, විවිධ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන්නේ වෙයි ද, ඒ මළසිරුර ගැන භික්ෂුව තම කයට ගලපා බලන්නේ වෙයි. මේ කය ත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙබඳු වන්නේ ය. මෙම ස්වභාවය ඉක්මවා නැත්තේ ය.

සෙය්‍යථාපි වා පන පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසංඛලිකං සමංසලෝහිතං නහාරුසම්බන්ධං ….(පෙ)…. අට්ඨිකසංඛලිකං නිම්මංසලෝහිතමක්ඛිත්තං නහාරුසම්බන්ධං ….(පෙ)…. අට්ඨිකසංඛලිකං අපගතමංසලෝහිතං නහාරුසම්බන්ධං ….(පෙ)…. අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසාවිදිසාසු වික්ඛිත්තානි. අඤ්ඤේන හත්ථට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරුට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකණ්ටකං අඤ්ඤේන සීසකටාහං. සෝ ඉමමේව කායං ඒවං උපසංහරති: “අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවංභාවී ඒතං අනතීතෝති”ති.

යම් සේ අමුසොහොනෙහි දමන ලද මළසිරුර ඇට සැකිල්ලක් බවට පත් ව මස් ලේ සහිත ව නහරවැල් සමඟ බැඳී තිබෙයි ද, ….(පෙ)…. ඇටසැකිල්ලක් බවට පත් ව මස් නැතිව ලෙයින් වැකී නහරවැල් සමඟ බැඳී තිබෙයි ද, ….(පෙ)…. ඇටසැකිල්ලක් බවට පත් ව මස් ලේ රහිත ව නහරවැල් සමඟ බැඳී තිබෙයි ද, ….(පෙ)…. බැඳීම් රහිත වූ ඇට දිශා අනුදිශාවලට විසිරී ඇත්තේ ද, එනම් අත් ඇට වෙන දිශාවක ය. පා ඇට තවත් දිශාවක ය. කෙණ්ඩා ඇට තවත් දිශාවක ය. කලවා ඇට තවත් දිශාවක ය. උකුල් අට තවත් දිශාවක ය. පිටකටු තවත් දිශාවක ය. හිස් කබල තවත් දිශාවක ය. එවිට ඒ ඇටසැකිලි ගැන භික්ෂුව තම කයට ගලපා බලන්නේ වෙයි. මේ කය ත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙබඳු වන්නේ ය. මෙම ස්වභාවය ඉක්මවා නැත්තේ ය.

සෙය්‍යථාපි වා පන පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සේතානි සංඛවණ්ණුපනිභානි ….(පෙ)…. අට්ඨිකානි පුඤ්ජකිතානි. තේරෝවස්සිකානි ….(පෙ)…. අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි. සෝ ඉමමේව කායං ඒවං උපසංහරති: “අයම්පි ඛෝ කායෝ ඒවංධම්මෝ ඒවම්භාවී ඒතං අනතීතෝති”ති.

යම් සේ අමුසොහොනෙහි දමන ලද මළසිරුර හක් ගෙඩියේ වර්ණයෙන් යුතු සුදු පැහැ ඇති ඇට ගොඩක් බවට පත් ව තිබෙන අයුරු දකියි ….(පෙ)…. තැනින් තැන එකතු වී ගිය බොහෝ වසර ගණනක් ගෙවී ගිය ඇට ….(පෙ)…. දිරාගොස් කුණු වී සුණු බවට පත් වී ගිය ඇට දකින්නේ යම් සේ ද භික්ෂුව තම කයට ගලපා බලන්නේ වෙයි. මේ කය ත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙබඳු වන්නේ ය. මෙම ස්වභාවය ඉක්මවා නැත්තේ ය.

ඉදම්භන්තේ, අනුස්සතිට්ඨානං ඒවං භාවිතං ඒවං බහුලීකතං අස්මිමානසමුග්ඝාතාය සංවත්තති.

ස්වාමීනී, මේ සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිත කළ විට, මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට අස්මිමානය මුළුමනින් ම නැසීමට උපකාරී වෙයි.

(5) පුන ච පරං භන්තේ, භික්ඛු සුඛස්ස ච පහානා ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං භන්තේ අනුස්සතිට්ඨානං ඒවං භාවිතං ඒවං බහුලීකතං අනේකධාතුපටිවේධාය සංවත්තති.

5. තව ද ස්වාමීනී භික්ෂුව සැපය ද ප්‍රහාණය කොට ….(පෙ)…. සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ස්වාමීනී, මේ සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිත කළ විට, මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට අනේක ධාතු ස්වභාවය අවබෝධ කිරීමට උපකාරී වෙයි.

ඉමානි ඛෝ භන්තේ පඤ්ච අනුස්සතිට්ඨානානීති.

ස්වාමීනී, මේ වනාහී පස් වැදෑරුම් සිහි කළ යුතු අරමුණු ය.”

සාධු සාධු ආනන්ද, තේන හි ත්වං ආනන්ද ඉදම්පි ඡට්ඨං අනුස්සතිට්ඨානං ධාරේහි:

“සාදු! සාදු! ආනන්දයෙනි. එසේ වී නම් ආනන්දයෙනි, ඔබ මේ සය වෙනි සිහි කළ යුතු කරුණ ත් මතක තබා ගන්න.

(6) ඉධානන්ද භික්ඛු සතෝව අභික්කමති, සතෝව පටික්කමති, සතෝව තිට්ඨති, සතෝව නිසීදති, සතෝව සෙය්‍යං කප්පේති, සතෝව කම්මං අධිට්ඨාති. ඉදං ආනන්ද අනුස්සතිට්ඨානං ඒවං භාවිතං ඒවං බහුලීකතං සතිසම්පජඤ්ඤාය සංවත්තතීති.

6. ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව සිහියෙන් ම පෙරට යයි. සිහියෙන් ම යළි හැරී එයි. සිහියෙන් ම සිටගනියි. සිහියෙන් ම වාඩි වෙයි. සිහියෙන් ම සැතපෙයි. සිහියෙන් ම වැඩකටයුතු කරයි. ආනන්දය, මේ සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිත කළ විට, මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට සතිසම්පජඤ්ඤය පිණිස උපකාරී වෙයි.

සාදු! සාදු!! සාදු!!!

උදායී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M