අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.2.9. පඨම මරණසති සුත්තං

6.1.2.9. මරණසතිය ගැන වදාළ පළමු දෙසුම

ඒකං සමයං භගවා නාදිකේ විහරති ගිඤ්ජකාවසථේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගමෙහි ගඩොලින් කළ ගෙයෙහි වාසය කරන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මරණස්සති භික්ඛවේ භාවිතා බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා අමතෝගධා අමතපරියෝසානා. භාවේථ නෝ තුම්හේ භික්ඛවේ මරණසතින්ති?

“මහණෙනි, මරණසතිය භාවිත කිරීමෙන්, බහුල ව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නේ ය. නිවන පිහිට කොට ඇත්තේ ය. නිවන කෙළවර කොට ඇත්තේ ය. මහණෙනි, ඔබ මරණසතිය වඩන්නහු ද?”

(1) ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: “අහං ඛෝ භන්තේ භාවේමි මරණසතින්ති.”

1. මෙසේ වදාළ කල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මම මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”

යථා කථං පන ත්වං භික්ඛු භාවේසි මරණසතින්ති?

“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”

ඉධ මය්හං භන්තේ ඒවං හෝති: “අහෝ වතාහං රත්තින්දිවං ජීවෙය්‍යං, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහු වත මේ කතං අස්සා”ති. ඒවං ඛෝ අහං භන්තේ භාවේමි මරණසතින්ති.

“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් රෑ දහවලක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”

(2) අඤ්ඤතරෝපි ඛෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: අහම්පි ඛෝ භන්තේ භාවේමි මරණසතින්ති.

2. වෙනත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”

යථා කථං පන ත්වං භික්ඛු භාවේසි මරණසතින්ති?

“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”

ඉධ මය්හං භන්තේ ඒවං හෝති: “අහෝ වතාහං දිවසං ජීවෙය්‍යං, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා”ති. ඒවං ඛෝ අහං භන්තේ භාවේමි මරණසතින්ති.

“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් දහවලක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”

(3) අඤ්ඤතරෝපි ඛෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: “අහම්පි ඛෝ භන්තේ භාවේමි මරණසතින්ති.

3. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”

යථා කථම්පන ත්වං භික්ඛු භාවේසි මරණසතින්ති?

“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”

ඉධ මය්හං භන්තේ ඒවං හෝති: “අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං, යදන්තරං ඒකපිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහු වත මේ කතං අස්සා”ති. ඒවං ඛෝ අහං භන්තේ භාවේමි මරණසතින්ති.

“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් ආහාර වේලක් වළඳන කාලයක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”

(4) අඤ්ඤතරෝපි ඛෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: අහම්පි ඛෝ භන්තේ භාවේමි මරණසතින්ති.

4. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”

යථාකථං පන ත්වං භික්ඛු භාවේසි මරණසතින්ති?

“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”

ඉධ මය්හං භන්තේ ඒවං හෝති: “අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං, යදන්තරං චත්තාරෝ පඤ්ච ආලෝපේ සංඛාදිත්වා අජ්ඣෝහරාමි, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා”ති. ඒවං ඛෝ අහං භන්තේ භාවේමි මරණසතින්ති.

“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් සතර පස් පිඬක් ආහාර සපා අනුභව කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”

(5) අඤ්ඤතරෝපි ඛෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: අහම්පි ඛෝ භන්තේ භාවේමි මරණස්සතින්ති.

5. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”

යථා කථං පන ත්වං භික්ඛු භාවේසි මරණසතින්ති?

“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”

ඉධ මය්හං භන්තේ ඒවං හෝති: “අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං, යදන්තරං ඒකං ආලෝපං සංඛාදිත්වා අජ්ඣෝහරාමි, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහු වත මේ කතං අස්සා”ති. ඒවං ඛෝ අහං භන්තේ භාවේමි මරණසතින්ති.

“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් පිඬක් ආහාර සපා අනුභව කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”

(6) අඤ්ඤතරෝපි ඛෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: අහම්පි ඛෝ භන්තේ භාවේමි මරණසතින්ති.

6. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”

යථා කථං පන ත්වං භික්ඛු භාවේසි මරණසතින්ති?

“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”

ඉධ මය්හං භන්තේ ඒවං හෝති: “අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං, යදන්තරං අස්සසිත්වා වා පස්සසාමි, පස්සසිත්වා වා අස්සසාමි. භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා”ති. ඒවං ඛෝ අහං භන්තේ භාවේමි මරණසතින්ති.

“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් යම් කාලයක් තුළ ආශ්වාස කොට ප්‍රශ්වාස කරන්නෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කරන්නෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”

ඒවං වුත්තේ භගවා තේ භික්ඛූ ඒතදවෝච:

මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් හට මෙය වදාළ සේක.

(1) ‘යෝ චායං භික්ඛවේ භික්ඛු ඒවං මරණස්සතිං භාවේති: අහෝ වතාහං රත්තින්දිවං ජීවෙය්‍යං, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා’ති-

(2) ‘යෝ චායං භික්ඛවේ භික්ඛු ඒවං මරණස්සතිං භාවේති: අහෝ වතාහං දිවසං ජීවෙය්‍යං, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා’ති-

(3) ‘යෝ චායං භික්ඛවේ භික්ඛු ඒවං මරණස්සතිං භාවේති: අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං, යදන්තරං ඒකං පිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා’ති-

(4) ‘යෝ චායං භික්ඛවේ භික්ඛු ඒවං මරණස්සතිං භාවේති: අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං, යදන්තරං චත්තාරෝ පඤ්ච ආලෝපේ සංඛාදිත්වා අජ්ඣෝහරාමි, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා’ති-

(1,2,3,4) ‘ඉමේ වුච්චන්ති භික්ඛවේ භික්ඛූ පමත්තා විහරන්ති, දන්ධං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය.

“මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (1) ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් රෑ දහවලක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (2) ‘අහෝ! ඒකාන්තයෙන් මම් දහවලක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (3) ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් ආහාර වේලක් වළඳන කාලයක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (4) ‘අහෝ! ඒකාන්තයෙන් මම් සතර පස් පිඬක් ආහාර සපා අනුභව කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ වෙයි ද, මහණෙනි, මේ භික්ෂූහු ප්‍රමාදී ව වාසය කරන්නෝ ය. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස සෙමෙන් මරණසතිය වඩත් යැයි කියනු ලැබේ.

(5) ‘යෝ චායං භික්ඛවේ භික්ඛු ඒවං මරණස්සතිං භාවේති: අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං, යදන්තරං ඒකං ආලෝපං අජ්ඣෝහරාමි, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා’ති-

(6) ‘යෝ චායං භික්ඛවේ භික්ඛු ඒවං මරණස්සතිං භාවේති: අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං, යදන්තරං අස්සසිත්වා වා පස්සසාමි. පස්සසිත්වා වා අස්සසාමි, භගවතෝ සාසනං මනසි කරෙය්‍යං, බහුං වත මේ කතං අස්සා’ති-

(5,6) ඉමේ වුච්චන්ති භික්ඛවේ භික්ඛූ අප්පමත්තා විහරන්ති තික්ඛං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය.

මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (5) ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් පිඬක් ආහාර සපා අනුභව කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (6) ‘අහෝ! ඒකාන්තයෙන් මම් යම් කාලයක් තුළ ආශ්වාස කොට ප්‍රශ්වාස කරන්නෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කරන්නෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ වෙයි ද, මහණෙනි, මේ භික්ෂූහු අප්‍රමාදී ව වාසය කරන්නෝ ය. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස තියුණු ලෙස මරණසතිය වඩත් යැයි කියනු ලැබේ.

තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: අප්පමත්තා විහරිස්සාම, තික්ඛං මරණස්සතිං භාවෙස්සාම ආසවානං ඛයායාති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘අප්‍රමාදී ව වාසය කරන්නෙමු. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස තියුණු ලෙස මරණසතිය වඩන්නෙමු’ යි. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

පඨම මරණසති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M