අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.2.10. දුතිය මරණසති සුත්තං

6.1.2.10. මරණසතිය ගැන වදාළ දෙවෙනි දෙසුම

ඒකං සමයං භගවා නාදිකේ විහරති ගිඤ්ජකාවසථේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: මරණස්සති භික්ඛවේ භාවිතා බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා අමතෝගධා අමතපරියෝසානාති.

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගමෙහි ගෙඩිගෙයෙහි වාසය කරන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

කථං භාවිතා ච භික්ඛවේ මරණස්සති කථං බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා අමතෝගධා අමතපරියෝසානා?

මහණෙනි, මරණසතිය භාවිත කිරීමෙන්, බහුල ව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නේ ය. නිවන පිහිට කොට ඇත්තේ ය. නිවන කෙළවර කොට ඇත්තේ ය. මහණෙනි, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද මරණසතිය මහත්ඵල මහානිශංස ලැබ දෙන්නේ ද? නිවන පිහිට කොට ඇත්තේ, නිවන කෙළවර කොට ඇත්තේ ද?

(1) ඉධ භික්ඛවේ භික්ඛු දිවසේ නික්ඛන්තේ රත්තියා පතිහිතාය ඉති පටිසඤ්චික්ඛති: “බහුකා ඛෝ මේ පච්චයා මරණස්ස: අහි වා මං ඩසෙය්‍ය, විච්ඡිකෝ වා මං ඩසෙය්‍ය, සතපදී වා මං ඩසෙය්‍ය, තේන මේ අස්ස කාලකිරියා සෝ මමස්ස අන්තරායෝ. උපක්ඛලිත්වාවාහං පපතෙය්‍ය, භත්තං වාපි මේ භුත්තං බ්‍යාපජ්ජෙය්‍ය, පිත්තං වා මේ කුප්පෙය්‍ය, සෙම්හං වා මේ කුප්පෙය්‍ය, සත්ථකා වා මේ වාතා කුප්පෙය්‍යුං, තේන මේ අස්ස කාලකිරියා. සෝ මමස්ස අන්තරායෝ”ති.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව දහවල් ගෙවී ගොස් රැය එළැඹි කල්හී මෙසේ නුවණින් සළකයි. ‘මාගේ මරණයට බොහෝ කාරණාවෝ තිබෙත්. සර්පයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. ගෝනුස්සෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. පත්තෑයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මට අනතුරක් විය හැක්කේ ය. පය පැකිළී හෝ මම වැටෙන්නෙම් නම්, මා අනුභව කළ බත හෝ නොදිරවන්නේ නම්, මාගේ පිත හෝ කිපෙයි නම්, මාගේ සෙම හෝ කිපෙයි නම්, ආයුධයක් සේ නපුරු ලෙස මාගේ වාතය හෝ කිපෙයි නම් ඒ හේතුවෙන් මා මරණයට පත් විය හැක්කේ ය. එය මට අනතුරක් විය හැක්කේ ය’ වශයෙනි.

(2) තේන භික්ඛවේ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අත්ථි නු ඛෝ මේ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යේ මේ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායා”ති. සචේ භික්ඛවේ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අත්ථි මේ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යේ මේ අස්සු රත්තිං කාලංකරොන්තස්ස අන්තරායායා”ති, තේන භික්ඛවේ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තෝ ඡන්දෝ ච වායාමෝ ච උස්සාහෝ ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයා. සෙය්‍යථාපි භික්ඛවේ ආදිත්තචේලෝ වා ආදිත්තසීසෝ වා තස්සේව චේලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්‍ය, ඒවමේව ඛෝ භික්ඛවේ තේන භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තෝ ඡන්දෝ ච වායාමෝ ච උස්සාහෝ ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයා.

2. මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් සැළකිය යුත්තේ ය. ‘රාත්‍රියෙහි මරණයට පත්වන මා හට අන්තරායකර වූ යම් ඒ පාපී අකුසල ධර්මයෝ ඇද්ද, ඒවා මා තුළ අප්‍රහීණ ව තිබෙත් දැ’යි. ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් සළකා බලද්දී මෙසේ දනියි නම්, එනම් ‘රාත්‍රියෙහි මරණයට පත්වන මා හට අනතුරු පිණිස වූ පාපී අකුසල ධර්මයන් මා තුළ අප්‍රහීණ ව ඇත්තේ ය’ යි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය. මහණෙනි, යම් සේ ඇඳි වත ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඒ ඇඳි වත වේවා හිස වේවා නිවීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් කරන්නේ ද එසෙයින් ම මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය.

(3) සචේ පන භික්ඛවේ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “නත්ථි මේ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යේ මේ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තේන භික්ඛවේ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

3. ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් සළකා බලද්දී මෙසේ දනියි නම්, එනම් ‘රාත්‍රියෙහි මරණයට පත්වන මා හට අනතුරු පිණිස වූ පාපී අකුසල ධර්මයන් මා තුළ ප්‍රහීණ ව ඇත්තේ ය’ යි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවින් ම දවල් රෑ දෙකෙහි කුසල් දහම්හි හික්මෙමින් වාසය කළ යුත්තේ ය.

(4) ඉධ පන භික්ඛවේ භික්ඛු රත්තියා නික්ඛන්තාය දිවසේ පතිහිතේ ඉති පටිසඤ්චික්ඛති: “බහුකා මේ පච්චයා මරණස්ස: අහි වා මං ඩසෙය්‍ය, විච්ඡිකෝ වා මං ඩසෙය්‍ය, සතපදී වා මං ඩසෙය්‍ය, තේන මේ අස්ස කාලකිරියා, සෝ මමස්ස අන්තරායෝ. උපක්ඛලිත්වා වාහං පපතෙය්‍යං භත්තං වා මේ භුත්තං බ්‍යාපජ්ජෙය්‍ය, පිත්තං වා මේ කුප්පෙය්‍ය, සෙම්හං වා මේ කුප්පෙය්‍ය, සත්ථකා වා මේ වාතා කුප්පෙය්‍යුං, තේන මේ අස්ස කාලකිරියා, සෝ මමස්ස අන්තරායෝ”ති.

4. මහණෙනි, මෙහිලා භික්ෂුව රැය ගෙවී ගොස් දහවල් එළැඹි කල්හී මෙසේ නුවණින් සළකයි. ‘මාගේ මරණයට බොහෝ කාරණාවෝ තිබෙත්. සර්පයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. ගෝනුස්සෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. පත්තෑයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මට අනතුරක් විය හැක්කේ ය. පය පැකිළී හෝ මම වැටෙන්නෙම් නම්, මා අනුභව කළ බත හෝ නොදිරවන්නේ නම්, මාගේ පිත හෝ කිපෙයි නම්, මාගේ සෙම හෝ කිපෙයි නම්, ආයුධයක් සේ නපුරු ලෙස මාගේ වාතය හෝ කිපෙයි නම් ඒ හේතුවෙන් මා මරණයට පත් විය හැක්කේ ය. එය මට අනතුරක් විය හැක්කේ ය’ වශයෙනි.

(5) තේන භික්ඛවේ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අත්ථි නු ඛෝ මේ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යේ මේ අස්සු දිවා කාලංකරොන්තස්ස අන්තරායායා”ති.

සචේ භික්ඛවේ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අත්ථි මේ පාපකා අකුසලා ධම්මා අප්පහීනා, යේ මේ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තේන භික්ඛවේ භික්ඛුනා තේසඤ්ඤේව යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තෝ ඡන්දෝ ච වායාමෝ ච උස්සාහෝ ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීය්‍යා. සෙය්‍යථාපි භික්ඛවේ ආදිත්තචේලෝ වා ආදිත්තසීසෝ වා තස්සේව චේලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්‍ය, ඒවමේවං ඛෝ භික්ඛවේ තේන භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තෝ ඡන්දෝ ච වායාමෝ ච උස්සාහෝ ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයා.

5. මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් සැළකිය යුත්තේ ය. ‘දහවල්හි මරණයට පත්වන මා හට අන්තරායකර වූ යම් ඒ පාපී අකුසල ධර්මයෝ ඇද්ද, ඒවා මා තුළ අප්‍රහීණ ව තිබෙත් දැ’යි. ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් සළකා බලද්දී මෙසේ දනියි නම්, එනම් ‘දහවල්හි මරණයට පත්වන මා හට අනතුරු පිණිස වූ පාපී අකුසල ධර්මයන් මා තුළ අප්‍රහීණ ව ඇත්තේ ය’ යි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය. මහණෙනි, යම් සේ ඇඳි වත ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඒ ඇඳි වත වේවා හිස වේවා නිවීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් කරන්නේ ද එසෙයින් ම මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය.

(6) සචේ පන භික්ඛවේ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “නත්ථි මේ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යේ මේ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තේන භික්ඛවේ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

6. ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් සළකා බලද්දී මෙසේ දනියි නම්, එනම් ‘දහවල්හි මරණයට පත්වන මා හට අනතුරු පිණිස වූ පාපී අකුසල ධර්මයන් මා තුළ ප්‍රහීණ ව ඇත්තේ ය’ යි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවින් ම දවල් රෑ දෙකෙහි කුසල් දහම්හි හික්මෙමින් වාසය කළ යුත්තේ ය.

ඒවං භාවිතා ඛෝ භික්ඛවේ මරණසති ඒවං බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා අමතෝගධා අමතපරියෝසානාති.

මහණෙනි, මෙසේ මරණසතිය භාවිත කිරීමෙන්, බහුල ව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නේ ය. නිවන පිහිට කොට ඇත්තේ ය. නිවන කෙළවර කොට ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය මරණසති සූත්‍රය නිමා විය.

සාරණීය වග්ගෝ දුතියෝ.

දෙවෙනි සාරාණීය වර්ගය අවසන් විය.

තස්සුද්දානං :

එහි පිළිවෙල උද්දානයයි :

ද්වේ සාරාණීය නිස්සාරණීයං භද්දකං අනුතප්පියං
නකුලකුසලා මච්ඡචං ද්වේ ච හොන්ති මරණසතිනා දසාති.

සාරාණීය සූත්‍ර දෙක, නිස්සාරණීය සූත්‍රය, භද්දක සූත්‍රය, අනුත්පය සූත්‍රය, නකුල පිතු සූත්‍රය, කුසල සූත්‍රය, මච්ඡික සූත්‍රය සහ මරණසති සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M