අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.2.6. නකුලපිතු සුත්තං

6.1.2.6. නකුලපිතු ගෘහපතියාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා භග්ගේසු විහරති සුංසුමාරගිරේ භේසකලාවනේ මිගදායේ. තේන ඛෝ පන සමයේන නකුලපිතා ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ. අථ ඛෝ නකුලමාතා ගහපතානී නකුලපිතරං ගහපතිං ඒතදවෝච:

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි නකුලපිතු ගෘහපති ත් රෝගී වූයේ, දුකට පත් වූයේ, දැඩි ලෙස ගිලන් වූයේ වෙයි. එකල්හී නකුලමාතා ගෘහපතිනිය නකුලපිතු ගෘහපතියාට මෙය පැවසුවා ය.

(1) මා ඛෝ ත්වං ගහපති සාපෙක්ඛෝ කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා. සියා ඛෝ පන තේ ගහපති ඒවමස්ස. “න නකුලමාතා ගහපතානී මමච්චයේන සක්ඛිස්සති දාරකේ පෝසේතුං ඝරාවාසං සන්ථරිතුන්ති” න ඛෝ පනේතං ගහපති ඒවං දට්ඨබ්බං. කුසලාහං ගහපති කප්පාසං කන්තිතුං, වේණිං ඕලිඛිතුං. සක්කෝමහං ගහපති තවච්චයේන දාරකේ පෝසේතුං ඝරාවාසං සන්ථරිතුං. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛෝ කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.

1. “ගෘහපතිය, අප ගැන අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කරන්නට, ගෙදර කටයුතු කරන්නට, නොහැකිවන්නී ය යනුවෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, මම කපු කටින්නට, එළු ලොම් වෙළුම් නෙළන්නට දක්ෂ වෙමි. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කරන්නට ත්, ගෙදර කටයුතු කරන්නට ත් හැක්කී වෙමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

(2) සියා ඛෝ පන තේ ගහපති ඒවමස්ස: “නකුලමාතා ගහපතානී මමච්චයේන අඤ්ඤං වරං ගමිස්සතී”ති. න ඛෝ පනේතං ගහපති ඒවං දට්ඨබ්බං. ත්වං චේව ඛෝ ගහපති ජානාසි අහං ච, යදා නෝ සෝළස වස්සානි ගහට්ඨකං බ්‍රහ්මචරියං සමාදින්නං. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛෝ කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.

2. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් අන්‍ය වූ සැමියෙකු කරා යන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, යම් කලක අප විසින් සොළොස් වසක් පුරා ගෘහස්ථ බ්‍රහ්මචරිය සිල් සමාදන් වූයේ ද, එය ඔබ ද දන්නෙහි ය. මම ද දනිමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

(3) සියා ඛෝ පන තේ ගහපති ඒවමස්ස: “නකුලමාතා ගහපතානී මමච්චයේන න දස්සනකාමා භවිස්සති භගවතෝ, න දස්සනකාමා භික්ඛුසංඝස්සා”ති. න ඛෝ පනේතං ගහපති ඒවං දට්ඨබ්බං. අහං හි ගහපති තවච්චයේන දස්සනකාමතරා චේව භවිස්සාමි භගවතෝ, දස්සනකාමතරා ච භික්ඛුසංඝස්ස. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛෝ කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.

3. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමති නොවන්නී ය. භික්ෂු සංඝයා දකින්නට කැමති නොවන්නීය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් මම වඩ වඩා ත් භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමැත්තී වෙමි. වඩ වඩා ත් භික්ෂු සංඝයා දකින්නට කැමැත්තී වෙමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

(4) සියා ඛෝ පන තේ ගහපති ඒවමස්ස: “න නකුලමාතා ගහපතානී මමච්චයේන සීලේසු පරිපූරකාරිණී”ති. න ඛෝ පනේතං ගහපති ඒවං දට්ඨබ්බං. යාවතා ඛෝ ගහපති තස්ස භගවතෝ සාවිකා ගිහී ඕදාතවසනා සීලේසු පරිපූරකාරිණියෝ, අහං තාසං අඤ්ඤතරා. යස්ස ඛෝ පනස්ස කංඛා වා විමති වා, අයං සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ භග්ගේසු විහරති සුංසුමාරගිරේ භේසකලාවනේ මිගදායේ, තං භගවන්තං උපසංකමිත්වා පුච්ඡතු. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛෝ කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.

4. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් සිල් පිරිපුන් නොකරන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳින සිල් පිරිපුන් කරන්නියෝ යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

(5) සියා ඛෝ පන තේ ගහපති ඒවමස්ස: “න නකුලමාතා ගහපතානී ලාභිනී අජ්ඣත්තං චේතෝසමථස්සා”ති. න ඛෝ පනේතං ගහපති ඒවං දට්ඨබ්බං. යාවතා ඛෝ ගහපති තස්ස භගවතෝ සාවිකා ගිහී ඕදාතවසනා ලාභිනියෝ අජ්ඣත්තං චේතෝසමථස්ස, අහං තාසං අඤ්ඤතරා. යස්ස ඛෝ පනස්ස කංඛා වා විමති වා, අයං සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ භග්ගේසු විහරති සුංසුමාරගිරේ භේසකලාවනේ මිගදායේ. තං භගවන්තං උපසංකමිත්වා පුච්ඡතු. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛෝ කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.

5. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය තම සිතෙහි සංසිඳීමක් නොලබන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳින ආධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන්නියෝ යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

(6) සියා ඛෝ පන තේ ගහපති ඒවමස්ස: “න නකුලමාතා ගහපතානී ඉමස්මිං ධම්මවිනයේ ඕගාධප්පත්තා පතිගාධප්පත්තා අස්සාසප්පත්තා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වේසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනේ විහරතී”ති. න ඛෝ පනේතං ගහපති ඒවං දට්ඨබ්බං. යාවතා ඛෝ ගහපති තස්ස භගවතෝ සාවිකා ගිහී ඕදාතවසනා ඉමස්මිං ධම්මවිනයේ ඕගාධප්පත්තා පතිගාධප්පත්තා අස්සාසප්පත්තා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වේසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනේ විහරන්ති, අහං තාසං අඤ්ඤතරා. යස්ස ඛෝ පනස්ස කංඛා වා විමති වා, අයං සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ භග්ගේසු විහරති සුංසුමාරගිරේ භේසකලාවනේ මිගදායේ. තං භගවන්තං උපසංකමිත්වා පුච්ඡතු. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛෝ කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියාති.

6. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මේ ධර්ම විනය තුළ ස්ථිර පිහිටකට නොපැමිණියා ය. ගැඹුරු අවබෝධයට නොපැමිණියා ය. සැනසුමට නොපැමිණියා ය. විචිකිච්ඡාවෙන් එතෙර නොවුණා ය. කෙසේ ද කෙසේ ද යන සැකය දුරු නොකළා ය. විශාරද බවට පත් නොවුණා ය. ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට නොපැමිණ වසන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සුදු වත් හඳින ගිහි ශ්‍රාවිකාවෝ මේ ධර්ම විනයෙහි ස්ථිර පිහිටකට පැමිණියාහු ද, ගැඹුරු අවබෝධයකට පැමිණියාහු ද, සැනසුමට පැමිණියාහු ද, සැකයෙන් එතෙර වූවාහු ද, කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළාහු ද, විශාරද බවට පත්වූවාහු ද, ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නාහු යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාර ගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.”

අථ ඛෝ නකුලපිතුනෝ ගහපතිස්ස නකුලමාතාය ගහපතානියා ඉමිනා ඕවාදේන ඕවදියමානස්ස සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භි. වුට්ඨාහි ච නකුලපිතා ගහපති තම්හා ආබාධා, තථා පහීනෝ ච පන නකුලපිතුනෝ ගහපතිස්ස සෝ ආබාධෝ අහෝසි.

ඉක්බිති නකුලමාතා ගෘහපතිනිය විසින් මේ අවවාදයෙන් අවවාද කරනු ලබන කල්හී නකුලපිතු ගෘහපතියාගේ ඒ ආබාධය සැණෙකින් සංසිඳී ගියේ ය. නකුලපිතු ගෘහපති තෙමේ ඒ ආබාධයෙන් නැගිට්ටේ ය. නකුලපිතු ගෘහපතියාගේ ඒ ආබාධය ඒ අයුරින් ම ප්‍රහාණයට පත්වූයේ ය.

අථ ඛෝ නකුලපිතා ගහපති ගිලානා වුට්ඨිතෝ අචිරවුට්ඨිතෝ ගේලඤ්ඤ, දණ්ඩමෝලුබ්භ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ නකුලපිතරං ගහපතිං භගවා ඒතදවෝච:

එකල්හී නකුලපිතු ගෘහපති තෙමේ ගිලන්බවින් නැගී සිටියේ, ගිලන් බවින් නැගිට සුළු කලකින් සැරයටියක ආධාරයෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් නකුලපිතු ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ලාභා තේ ගහපති, සුලද්ධං තේ ගහපති, යස්ස තේ නකුලමාතා ගහපතානී අනුකම්පිකා අත්ථකාමා ඕවාදිකා අනුසාසිකා.

“ගෘහපතිය, ඔබට ලාභයකි. ගෘහපතිය, ඔබට මනා වූ ලැබීමකි. යම්බඳු වූ ඔබට නකුලමාතා ගෘහපතිනිය අනුකම්පා ඇත්තී ය. යහපත කැමැත්තී ය. අවවාද දෙන්නී ය. අනුශාසනා කරන්නී ය.

යාවතා ඛෝ ගහපති මම සාවිකා ගිහී ඕදාතවසනා සීලේසු පරිපූරකාරිණියෝ, නකුලමාතා ගහපතානී තාසං අඤ්ඤතරා. යාවතා ඛෝ ගහපති මම සාවිකා ගිහී ඕදාතවසනා ලාභිනියෝ අජ්ඣත්තං චේතෝසමථස්ස, නකුලමාතා ගහපතානී තාසං අඤ්ඤතරා. යාවතා ඛෝ ගහපති මම සාවිකා ගිහී ඕදාතවසනා ඉමස්මිං ධම්මවිනයේ ඕගාධප්පත්තා පතිගාධප්පත්තා අස්සාසප්පත්තා. තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වේසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනේ විහරන්තියෝ, නකුලමාතා ගහපතානී තාසං අඤ්ඤතරා.

ගෘහපතිය, මාගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳිනා සිල් පිරිපුන් කරන්නියෝ යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි. ගෘහපතිය, මාගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳිනා තමා තුළ චිත්ත සමථය ලබන්නියෝ යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි. ගෘහපතිය, සුදු වත් හඳින මාගේ ගිහි ශ්‍රාවිකාවෝ මේ ධර්ම විනයෙහි ස්ථිර පිහිටකට පැමිණියාහු ද, ගැඹුරු අවබෝධයකට පැමිණියාහු ද, සැනසුමට පැමිණියාහු ද, සැකයෙන් එතෙර වූවාහු ද, කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළාහු ද, විශාරද බවට පත්වූවාහු ද, ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නාහු යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි.

ලාභා තේ ගහපති, සුලද්ධං තේ ගහපති, යස්ස තේ නකුලමාතා ගහපතානී අනුකම්පිකා අත්ථකාමා ඕවාදිකා අනුසාසිකාති.

ගෘහපතිය, ඔබට ලාභයකි. ගෘහපතිය, ඔබට මනා වූ ලැබීමකි. යම්බඳු වූ ඔබට නකුලමාතා ගෘහපතිනිය අනුකම්පා ඇත්තී ය. යහපත කැමැත්තී ය. අවවාද දෙන්නී ය. අනුශාසනා කරන්නී ය.

සාදු! සාදු!! සාදු!!!

නකුලපිතු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M