අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.2.5. අනුතප්පසුත්තං

6.1.2.5. පසුතැවීම ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

තත්‍ර ඛෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛු ආමන්තේසි. ….(පෙ)…. තථා තථා ආවුසෝ භික්ඛු විහාරං කප්පේති යථා යථාස්ස විහාරං කප්පයතෝ කාලකිරියා අනුතප්පා හෝති.

කථඤ්චාවුසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති, යථා යථාස්ස විහාරං කප්පයතෝ කාලකිරියා අනුතප්පා හෝති.

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….

ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට කළුරිය කිරීම පසුතැවිලි ඇති කරයි ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරයි නම්, ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට කළුරිය කිරීම පසුතැවිලි ඇති කරයි ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ කෙසේ ද?”

ඉධාවුසෝ භික්ඛු කම්මාරාමෝ හෝති කම්මරතෝ කම්මාරාමතං අනුයුත්තෝ, භස්සාරාමෝ හෝති ….(පෙ)…. නිද්දාරාමෝ හෝති….(පෙ)…. සංගණිකාරාමෝ හෝති….(පෙ)…. සංසග්ගාරාමෝ හෝති….(පෙ)…. පපඤ්චාරාමෝ හෝති පපඤ්චරතෝ පපඤ්චාරාමතං අනුයුත්තෝ.

ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් බාහිර වැඩට ඇළුම් කරන්නේ වෙයි. බාහිර වැඩට ඇලෙමින්, බාහිර වැඩට ඇළුම් කිරීමෙන් නැවත නැවත එහි ම යෙදෙමින් සිටියි. කතාවට ඇළුම් කරන්නේ වෙයි. ….(පෙ)…. නින්දට ඇළුම් කරන්නේ වෙයි. ….(පෙ)…. පිරිසට ඇළුම් කරන්නේ වෙයි. ….(පෙ)…. ගිහියන් හා එක් ව විසීමට ඇළුම් කරන්නේ වෙයි. ….(පෙ)…. කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇළුම් කරන්නේ වෙයි. කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇලෙමින්, කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇළුම් කිරීමෙන් නැවත නැවත එහි ම යෙදෙමින් සිටියි.

ඒවං ඛෝ ආවුසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති, යථා යථාස්ස විහාරං කප්පයතෝ කාලකිරියා අනුතප්පා හෝති. අයං වුච්චතාවුසෝ භික්ඛු සක්කායාභිරතෝ න පහාසි සක්කායං සම්මාදුක්ඛස්ස අන්තකිරියාය.

ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට කළුරිය කිරීම පසුතැවිලි ඇති කරයි ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ මේ අයුරිනි. ආයුෂ්මත්නි, මේ භික්ෂුව සක්කායට ඇලී ගියේ, මනා කොට දුක් අවසන් කිරීමට හේතු වන සක්කාය අත් නොහළේ යැයි කියනු ලැබේ.

තථා තථා ආවුසෝ භික්ඛු විහාරං කප්පේති යථා යථාස්ස විහාරං කප්පයතෝ කාලකිරියා අනනුතප්පා හෝති.

කථඤ්චාවුසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති යථා යථාස්ස විහාරං කප්පයතෝ කාලකිරියා අනනුතප්පා හෝති:

ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට කළුරිය කිරීම පසුතැවිලි ඇති නොකරයි ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරයි නම්, ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට කළුරිය කිරීම පසුතැවිලි ඇති නොකරයි ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ කෙසේ ද?

ඉධාවුසෝ භික්ඛු න කම්මාරාමෝ හෝති න කම්මරතෝ න කම්මාරාමතං අනුයුත්තෝ ….(පෙ)…. න භස්සාරාමෝ හෝති ….(පෙ)…. න නිද්දාරාමෝ හෝති ….(පෙ)…. න සංගණිකාරාමෝ හෝති ….(පෙ)…. න සංසග්ගාරාමෝ හෝති ….(පෙ)…. න පපඤ්චාරාමෝ හෝති න පපඤ්චරතෝ න පපඤ්චාරාමතං අනුයුත්තෝ.

ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් බාහිර වැඩට ඇළුම් නොකරන්නේ වෙයි. බාහිර වැඩට නොඇලෙමින්, බාහිර වැඩට ඇළුම් නොකිරීමෙන් නැවත නැවත එහි ම නොයෙදෙමින් සිටියි. කතාවට ඇළුම් නොකරන්නේ වෙයි. ….(පෙ)…. නින්දට ඇළුම් නොකරන්නේ වෙයි. ….(පෙ)…. පිරිසට ඇළුම් නොකරන්නේ වෙයි. ….(පෙ)…. ගිහියන් හා එක් ව විසීමට ඇළුම් නොකරන්නේ වෙයි. ….(පෙ)…. කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇළුම් නොකරන්නේ වෙයි. කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට නොඇලෙමින්, කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇළුම් නොකිරීමෙන් නැවත නැවත එහි ම නොයෙදෙමින් සිටියි.

ඒවං ඛෝ ආවුසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති යථා යථාස්ස විහාරං කප්පයතෝ කාලකිරියා අනනුතප්පා හෝති. අයං වුච්චතාවුසෝ භික්ඛූ නිබ්බානාභිරතෝ පහාසි සක්කායං සම්මාදුක්ඛස්ස අන්තකිරියායාති.

ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට කළුරිය කිරීම පසුතැවිලි ඇති නොකරයි ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ මේ අයුරිනි. ආයුෂ්මත්නි, මේ භික්ෂුව නිවනට ඇලී ගියේ, මනා කොට දුක් අවසන් කිරීමට හේතු වන සක්කාය අත් හළේ යැයි කියනු ලැබේ.

(ගාථා)

යෝ පපඤ්චමනුයුත්තෝ පපඤ්චාභිරතෝ මගෝ
විරාධයී සෝ නිබ්බානං යෝගක්බේමං අනුත්තරං.

යමෙක් කෙලෙස් වැඩෙන අයුරින් නැවත නැවත සිත සිතා සිටියි නම්, සතෙකු සේ කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ආශා ඇත්නම්, හේ කෙලෙස් යෝගයන්ගෙන් නිදහස් වූ අනුත්තර වූ නිර්වාණය නොලබන්නේ ය.

යෝ ච පපඤ්චං හිත්වාන නිප්පපඤ්චපදේ රතෝ
ආරාධයී සෝ නිබ්බානං යෝගක්බේමං අනුත්තරන්ති.

යමෙක් කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීම අත්හැර, සමථ විදර්ශනාව නම් වූ ප්‍රපංච රහිත බවෙහි ඇලී වසන්නේ නම්, කෙලෙස් යෝගයන්ගෙන් නිදහස් වූ අනුත්තර වූ නිර්වාණය හේ ලබන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

අනුතප්ප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M