අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.2.4. භද්දක සුත්තං

6.1.2.4. සොඳුරු වූ දේ ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

තත්‍ර ඛෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛූ ආමන්තේසි, “ආවුසෝ භික්ඛවෝ”ති. “ආවුසෝ”ති, ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං. ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච:

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘ආයුෂ්මතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.

තථා තථා ආවුසෝ භික්ඛු විහාරං කප්පේති, යථා යථාස්ස විහාරං කප්පයතෝ න භද්දකං මරණං හෝති න භද්දිකා කාලකිරියා, කථඤ්චාවුසෝ. භික්ඛු තථා තථා විහාරං කප්පේති යථා යථාස්ස විහාරං කප්පයතෝ න භද්දකං මරණං හෝති න භද්දිකා කාලකිරියා.

ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට සුන්දර මරණයක් නැද්ද, සුන්දර කළුරිය කිරීමක් නැද්ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරයි නම්, ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට සුන්දර මරණයක් නැද්ද, සුන්දර කළුරිය කිරීමක් නැද්ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ කෙසේ ද?

ඉධාවුසෝ භික්ඛු කම්මාරාමෝ හෝති කම්මරතෝ කම්මාරාමතං අනුයුත්තෝ, භස්සාරාමෝ හෝති භස්සරතෝ භස්සාරාමතං අනුයුත්තෝ, නිද්දාරාමෝ හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අනුයුත්තෝ, සංගණිකාරාමෝ හෝති සංගණිකාරතෝ සංගණිකාරාමතං අනුයුත්තෝ, සංසග්ගාරාමෝ හෝති සංසග්ගරතෝ සංසග්ගාරාමතං අනුයුත්තෝ, පපඤ්චාරාමෝ හෝති පපඤ්චරතෝ පපඤ්චාරාමතං අනුයුත්තෝ.

ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් බාහිර වැඩට ඇළුම් කරන්නේ වෙයි. බාහිර වැඩට ඇලෙමින්, බාහිර වැඩට ඇළුම් කිරීමෙන් නැවත නැවත එහි ම යෙදෙමින් සිටියි. කතාවට ඇළුම් කරන්නේ වෙයි. කතාවට ඇලෙමින්, කතාවට ඇළුම් කිරීමෙන් නැවත නැවත එහි ම යෙදෙමින් සිටියි. නින්දට ඇළුම් කරන්නේ වෙයි. නින්දට ඇලෙමින්, නින්දට ඇළුම් කිරීමෙන් නැවත නැවත එහි ම යෙදෙමින් සිටියි. පිරිසට ඇළුම් කරන්නේ වෙයි. පිරිසට ඇලෙමින්, පිරිසට ඇළුම් කිරීමෙන් නැවත නැවත එහි ම යෙදෙමින් සිටියි. ගිහියන් හා එක් ව විසීමට ඇළුම් කරන්නේ වෙයි. ගිහියන් හා එක් ව විසීමට ඇලෙමින්, ගිහියන් හා එක් ව විසීමට ඇළුම් කිරීමෙන් නැවත නැවත එහි ම යෙදෙමින් සිටියි. කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇළුම් කරන්නේ වෙයි. කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇලෙමින්, කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇළුම් කිරීමෙන් නැවත නැවත එහි ම යෙදෙමින් සිටියි.

ඒවං ඛෝ ආවුසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති, යථා යථාස්ස විහාරං කප්පයතෝ න භද්දකං මරණං හෝති න භද්දිකා කාලකිරියා. අයං වුච්චතාවුසෝ භික්ඛු සක්කායාභිරතෝ න පහාසි සක්කායං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය.

ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට සුන්දර මරණයක් නැද්ද, සුන්දර කළුරිය කිරීමක් නැද්ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ මේ අයුරිනි. ආයුෂ්මත්නි, මේ භික්ෂුව සක්කායට ඇලී ගියේ, මනා කොට දුක් අවසන් කිරීමට හේතු වන සක්කාය අත් නොහළේ යැයි කියනු ලැබේ.

තථා තථාවුසෝ භික්ඛු විහාරං කප්පේති යථා යථාස්ස විහාරං කප්පයතෝ භද්දකං මරණං හෝති, භද්දිකා කාලකිරියා. කථඤ්චාවුසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති, යථා යථාස්ස විහාරං කප්පයතෝ භද්දකං මරණං හෝතී භද්දිකා කාලකිරියා.

ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට සුන්දර මරණයක් ඇද්ද, සුන්දර කළුරිය කිරීමක් ඇද්ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරයි නම්, ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට සුන්දර මරණයක් ඇද්ද, සුන්දර කළුරිය කිරීමක් ඇද්ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ කෙසේ ද?

ඉධාවුසෝ භික්ඛු න කම්මාරාමෝ හෝති න කම්මරතෝ න කම්මාරාමතං අනුයුත්තෝ, න භස්සාරාමෝ හෝති න භස්සරතෝ න භස්සාරාමතං අනුයුත්තෝ, න නිද්දාරාමෝ හෝති න නිද්දාරතෝ නිද්දාරාමතං අනුයුත්තෝ, න සංගණිකාරාමෝ හෝති න සංගණිකාරතෝ න සංගණිකාරාමතං අනුයුත්තෝ, න සංසග්ගාරාමෝ හෝති න සංසග්ගරතෝ න සංසග්ගාරාමතං අනුයුත්තෝ, න පපඤ්චාරාමෝ හෝති න පපඤ්චරතෝ න පපඤ්චාරාමතං අනුයුත්තෝ.

ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් බාහිර වැඩට ඇළුම් නොකරන්නේ වෙයි. බාහිර වැඩට නොඇලෙමින්, බාහිර වැඩට ඇළුම් නොකිරීමෙන් නැවත නැවත එහි ම නොයෙදෙමින් සිටියි. කතාවට ඇළුම් නොකරන්නේ වෙයි. කතාවට නොඇලෙමින්, කතාවට ඇළුම් නොකිරීමෙන් නැවත නැවත එහි ම නොයෙදෙමින් සිටියි. නින්දට ඇළුම් නොකරන්නේ වෙයි. නින්දට නොඇලෙමින්, නින්දට ඇළුම් නොකිරීමෙන් නැවත නැවත එහි ම නොයෙදෙමින් සිටියි. පිරිසට ඇළුම් නොකරන්නේ වෙයි. පිරිසට නොඇලෙමින්, පිරිසට ඇළුම් නොකිරීමෙන් නැවත නැවත එහි ම නොයෙදෙමින් සිටියි. ගිහියන් හා එක් ව විසීමට ඇළුම් නොකරන්නේ වෙයි. ගිහියන් හා එක් ව විසීමට නොඇලෙමින්, ගිහියන් හා එක් ව විසීමට ඇළුම් නොකිරීමෙන් නැවත නැවත එහි ම නොයෙදෙමින් සිටියි. කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇළුම් නොකරන්නේ වෙයි. කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට නොඇලෙමින්, කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇළුම් නොකිරීමෙන් නැවත නැවත එහි ම නොයෙදෙමින් සිටියි.

ඒවං ඛෝ ආවුසෝ භික්ඛු තථා තථාස්ස විහාරං කප්පේති යථා යථාස්ස විහාරං කප්පයතෝ භද්දකං මරණං හෝති භද්දිකා කාලකිරියා. අයං වුච්චතාවුසෝ භික්ඛු නිබ්බානාභිරතෝ පහාසි සක්කායං සම්මාදුක්ඛස්ස අන්තකිරියායාති.

ආයුෂ්මත්නි, යම් යම් අයුරකින් වාසය කරන්නා වූ භික්ෂුවට සුන්දර මරණයක් ඇද්ද, සුන්දර කළුරිය කිරීමක් ඇද්ද, ඒ ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ මේ අයුරිනි. ආයුෂ්මත්නි, මේ භික්ෂුව නිවනට ඇලී ගියේ, මනා කොට දුක් අවසන් කිරීමට හේතු වන සක්කාය අත් හළේ යැයි කියනු ලැබේ.

(ගාථා)

1. යෝ පපඤ්චමනුයුත්තෝ පපඤ්චාභිරතෝ මගෝ
විරාධයී සෝ නිබ්බානං යෝගක්බේමං අනුත්තරං.

1. යමෙක් කෙලෙස් වැඩෙන අයුරින් නැවත නැවත සිත සිතා සිටියි නම්, සතෙකු සේ කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ආශා ඇත්නම්, හේ කෙලෙස් යෝගයන්ගෙන් නිදහස් වූ අනුත්තර වූ නිර්වාණය නොලබන්නේ ය.

2. යෝ ච පපඤ්චං හිත්වාන නිප්පපඤ්චපදේ රතෝ
ආරාධයී සෝ නිබ්බානං යෝගක්බේමං අනුත්තරං.

2. යමෙක් කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීම අත්හැර, සමථ විදර්ශනාව නම් වූ ප්‍රපංච රහිත බවෙහි ඇලී වසන්නේ නම්, කෙලෙස් යෝගයන්ගෙන් නිදහස් වූ අනුත්තර වූ නිර්වාණය හේ ලබන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

භද්දක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M