අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.2.3. නිස්සාරණීයසුත්තං

6.1.2.3. විමුක්තිය ලබාදෙන කරුණු ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡයිමා භික්ඛවේ නිස්සාරණීයා ධාතුයෝ. කතමා ඡ:

මහණෙනි, මේ නිස්සාරණීය ධාතු සයකි. ඒ කවර සයක් ද යත්;.

(1) ඉධ භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: “මෙත්තා හි ඛෝ මේ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ බ්‍යාපාදෝ චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සෝ මා හේවන්තිස්ස වචනීයෝ: “මායස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං මෙත්තාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස බ්‍යාපාදෝ චිත්තං පරියාදාය ඨස්සතීති නේතං ඨානං විජ්ජති, නිස්සරණං හේතං ආවුසෝ බ්‍යාපාදස්ස යදිදං මෙත්තාචේතෝවිමුත්තී”ති.

1. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘මවිසින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් ද්වේෂය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී ද්වේෂය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ මෛත්‍රී චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය ද්වේෂයෙන් නිදහස් වීම ම ය.’

(2) ඉධ පන භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: “කරුණා හි ඛෝ මේ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ විහේසා චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සෝ මා හේවන්තිස්ස වචනීයෝ: “මා ආයස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං, ආවුසෝ අනවකාසෝ යං කරුණාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස විහේසා චිත්තං පරියාදාය ඨස්සතී’ති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ විහේසා, යදිදං කරුණාචේතෝවිමුත්තී”ති.

2. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘මවිසින් කරුණා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් හිංසාව මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් කරුණා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී හිංසාව ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ කරුණා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය හිංසාවෙන් නිදහස් වීම ම ය.’

(3) ඉධ පන භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: “මුදිතා හි ඛෝ මේ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ අරති චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සෝ මා හේවන්තිස්ස වචනීයෝ: “මා ආයස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං මුදිතාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස අරති චිත්තං පරියාදාය ඨස්සතී’ති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ අරතියා යදිදං මුදිතාචේතෝවිමුත්තී”ති.

3. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘මවිසින් මුදිතා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් අරතිය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් මුදිතා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී අරතිය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ මුදිතා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය අරතියෙන් නිදහස් වීම ම ය.’

(4) ඉධ පන භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: “උපෙක්ඛා හි ඛෝ මේ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ රාගෝ චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සෝ මා හේවන්තිස්ස වචනීයෝ: “මා ආයස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං උපෙක්ඛාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස රාගෝ චිත්තං පරියාදාය ඨස්සතී’ති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ රාගස්ස යදිදං උපෙක්ඛාචේතෝවිමුත්තී”ති.

4. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘මවිසින් උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් රාගය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී රාගය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ උපේක්ෂා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය රාගයෙන් නිදහස් වීම ම ය.’

(5) ඉධ පන භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: “අනිමිත්තා හි ඛෝ මේ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ නිමිත්තානුසාරී විඤ්ඤාණං හෝතී”ති. සෝ මා හේවන්තිස්ස වචනීයෝ: “මා ආයස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං අනිමිත්තාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස නිමිත්තානුසාරි විඤ්ඤාණං භවිස්සතී’ති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ සබ්බනිමිත්තානං යදිදං අනිමිත්තා චේතෝවිමුත්තී”ති.

5. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘මවිසින් අනිමිත්ත චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් මාගේ විඤ්ඤාණය නිමිති ඇසුරු කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් අනිමිත්ත චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී නිමිත්තානුසාරී විඤ්ඤාණය පවතින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ අනිමිත්ත චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය සියළු නිමිති වලින් නිදහස් වීම ම ය.’

(6) ඉධ පන භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: “අස්මීති ඛෝ මේ විගතං, අයමහමස්මීති ච න සමනුපස්සාමි, අථ ච පන මේ විචිකිච්ඡාකථංකථාසල්ලං චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සෝ මා හේවන්තිස්ස වචනීයෝ: “මා ආයස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං අස්මීති විගතේ අයමහමස්මීති ච න සමනුපස්සතෝ, අථ ච පනස්ස විචිකිච්ඡාකථංකථාසල්ලං චිත්තං පරියාදාය ඨස්සතී’ති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ විචිකිච්ඡාකථංකථාසල්ලස්ස යදිදං අස්මීති මානසමුග්ඝාතෝ”ති.

6. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘මම වෙමි යි යන හැඟීම මා තුළින් බැහැර විය. මේ මම වෙමි යි යන කිසිවක් නොදකිමි. එසේ නමුත් සැක කටයුතු වූ කෙසේ ද කෙසේ ද යන හුල මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, මම වෙමි යි යන හැඟීම දුරු වූයේ වෙයි ද, මේ මෙම වෙමි යි නොදකින්නේ වෙයි ද, එකල්හි ත් විචිකිච්ඡාවෙන් යුතු කෙසේ ද කෙසේ ද යන සැක හුල සිත යටකොට සිටින්නේ යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ වෙමි යි යන මානය මුළුමනින් ම නැසී යාමක් වෙයි ද, මෙය විචිකිච්ඡාවෙන් යුතු කෙසේ ද කෙසේ ද යන හුලෙන් නිදහස් වීම ම ය.’

ඉමේ ඛෝ භික්ඛවේ ඡ නිස්සාරණීයා ධාතුයෝ’ති.

මහණෙනි, මේ වනාහී සය වැදෑරුම් නිස්සාරණීය ධාතු ය.

සාදු! සාදු!! සාදු!!!

නිස්සාරණීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M