අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.1.9. අනුස්සතිට්ඨානසුත්තං

6.1.1.9. සිහි කළ යුතු තැන් ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං ……………….

සැවැත් නුවර දී ය ……………….

ඡයිමානි භික්ඛවේ අනුස්සතිට්ඨානානි. කතමානි ඡ:

මහණෙනි, සිහි කළ යුතු මේ තැන් සයකි. ඒ කවර සයක් ද යත්;

බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති.

බුද්ධානුස්සතිය ය, ධම්මානුස්සතිය ය, සංඝානුස්සතිය ය, සීලානුස්සතිය ය, චාගානුස්සතිය ය, දේවතානුස්සතිය ය.

ඉමානි ඛෝ භික්ඛවේ ඡ අනුස්සතිට්ඨානානී’ති.

මහණෙනි, මේ වනාහී සය වැදෑරුම් සිහි කළ යුතු තැන් ය.

සාදු! සාදු!! සාදු!!!

අනුස්සතිට්ඨාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M