අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.1.10. මහානාමසුත්තං

6.1.1.10. මහානාම ශාක්‍ය රජුට වදාළ දෙසුම

ඒකං සමයං භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රෝධාරාමේ. අථ ඛෝ මහානාමෝ සක්කෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ මහානාමෝ සක්කෝ භගවන්තං ඒතදවෝච:

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“යෝ සෝ භන්තේ අරියසාවකෝ ආගතඵලෝ විඤ්ඤාතසාසනෝ, සෝ කතමේන විහාරේන බහුලං විහරතී”ති.

“ස්වාමීනී, මාර්ගඵලයන්ට පත්, බුදු සසුන මැනැවින් දැනගත්, යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් වෙයි නම්, හේ බහුල වශයෙන් වාසය කරන්නේ කවර විහරණයකින් ද?”

යෝ සෝ මහානාම අරියසාවකෝ ආගතඵලෝ විඤ්ඤාතසාසනෝ, සෝ ඉමිනා විහාරේන බහුලං විහරති:

“මහානාමයෙනි, මාර්ගඵලයන්ට පත්, බුදු සසුන මැනැවින් දැනගත්, යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් වෙයි නම්, හේ බහුල වශයෙන් වාසය කරන්නේ මේ විහරණයෙන් ය.

(1) ඉධ මහානාම අරියසාවකෝ තථාගතං අනුස්සරති: “ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා”ති. යස්මිං මහානාම සමයේ අරියසාවකෝ තථාගතං අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති තථාගතං ආරබ්භ. උජුගතචිත්තෝ ඛෝ පන මහානාම අරියසාවකෝ ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදියති, සුඛිනෝ චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහරති. සබ්‍යාපජ්ජාය පජාය අබ්‍යාපජ්ජෝ විහරති. ධම්මසෝතං සමාපන්නෝ බුද්ධානුස්සතිං භාවේති.

1. මහානාමයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ තථාගතයන් සිහි කරයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක තථාගතයන් සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත තථාගතයන් වහන්සේගේ ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහානාමයෙනි, ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහාදියෙන් විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩපහරට පැමිණියේ, බුද්ධානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.

(2) පුන ච පරං මහානාම අරියසාවකෝ ධම්මං අනුස්සරති: “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්`ක්‍දූහී”තී. යස්මිං, මහානාම සමයේ අරියසාවකෝ ධම්මං අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති. උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති ධම්මං ආරබ්භ. උජුගතචිත්තෝ ඛෝ පන මහානාම අරියසාවකෝ ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදියති, සුඛිනෝ චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහරති. සබ්‍යාපජ්ජාය පජාය අබ්‍යාපජ්ජෝ විහරති. ධම්මසෝතං සමාපන්නෝ ධම්මානුස්සතිං භාවේති.

2. තව ද මහානාමයෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය සිහි කරයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. සන්දිට්ඨික වන සේක. අකාලික වන සේක. ඒහිපස්සික වන සේක. ඕපනයික වන සේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන සේක’ යනුවෙනි. මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ධර්මය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ධර්මයෙහි ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහානාමයෙනි, ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහාදියෙන් විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩපහරට පැමිණියේ, ධම්මානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.

(3) පුන ච පරං මහානාම අරියසාවකෝ සංඝං අනුස්සරති: “සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, ඒස භගවතෝ සාවකසංඝෝ ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා”ති. යස්මිං මහානාම සමයේ අරියසාවකෝ සංඝං අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති. උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති සංඝං ආරබ්භ. උජුගතචිත්තෝ ඛෝ පන මහානාම අරියසාවකෝ ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදියති, සුඛිනෝ චිත්තං සමාධියති. අයං වුච්චති, මහානාම අරියසාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහරති, සබ්‍යාපජ්ජාය පජාය අබ්‍යාපජ්ජෝ විහරති, ධම්මසෝතං සමාපන්නෝ සංඝානුස්සතිං භාවේති.

3. තව ද මහානාමයෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සංඝයා සිහි කරයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ උජුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සාමීචිපටිපන්න වන සේක. යුගල වශයෙන් සතර නමක් ද, පුද්ගල වශයෙන් අට නමක් ද වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ආහුනෙය්‍ය වන සේක. පාහුනෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලෝකයාගේ අනුත්තර පින්කෙත වන සේක’ යනුවෙනි. මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක සංඝයා සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත සංඝයාගේ ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහානාමයෙනි, ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහාදියෙන් විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩපහරට පැමිණියේ, සංඝානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.

(4) පුන ච පරං මහානාම අරියසාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති: අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. යස්මිං මහානාම සමයේ අරියසාවකෝ සීලං අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති සීලං ආරබ්භ. උජුගතචිත්තෝ ඛෝ පන මහානාම අරියසාවකෝ ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදියති, සුඛිනෝ චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහරති, සබ්‍යාපජ්ජාය පජාය අබ්‍යාපජ්ජෝ විහරති, ධම්මසෝතං සමාපන්නෝ සීලානුස්සතිං භාවේති.

4. තව ද මහානාමයෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ සිල් සිහි කරයි. එනම් ‘කඩ නොවූ ත්, සිදුරු නොවූ ත්, කැලැල් නොවූ ත්, පැල්ලම් නොවූ ත්, තෘෂ්ණාදාස බවට පත් නොවූ ත්, නුවණැත්තන්ගේ පැසසුමට ලක්වන්නා වූ ත්, දෘෂ්ටි ග්‍රහණයට හසු නොවූ ත්, සමාධිය පිණිස පවතින්නා වූ ත් තමාගේ සිල් සිහි කරයි. මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක සීලය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත සීලය අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහානාමයෙනි, ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහාදියෙන් විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩපහරට පැමිණියේ, සීලානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.

(5) පුන ච පරං මහානාම අරියසාවකෝ අත්තනෝ චාගං අනුස්සරති: “ලාභා වත මේ, සුලද්ධං වත මේ, යෝහං මච්ඡේරමලපරියුට්ඨිතාය පජාය විගතමලමච්ඡේරේන චේතසා අගාරං අජ්ඣාවසාමි මුත්තචාගෝ පයතපාණී වොස්සග්ගරතෝ යාචයෝගෝ දානසංවිභාගරතෝති. යස්මිං මහානාම සමයේ අරියසාවකෝ චාගං අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති චාගං ආරබ්භ. උජුගතචිත්තෝ ඛෝ පන මහානාම අරියසාවකෝ ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදියති, සුඛිනෝ චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහරති, සබ්‍යාපජ්ජාය පජාය අබ්‍යාපජ්ජෝ විහරති, ධම්මසෝතං සමාපන්නෝ චාගානුස්සතිං භාවේති.

5. තව ද මහානාමයෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. එනම් ‘ඒකාන්තයෙන් ම මට ලාභයකි. ඒකාන්තයෙන් ම මට මනා වූ ලැබීමකි. යම් බඳු මම් මසුරුමලින් යට කොට ගත් ප්‍රජාව අතර මසුරුමල බැහැර වූ සිතින් ගිහි ගෙයි වසමි. දන් දීම පිණිස අත්හළ සිතින් වසමි. දන් දීම පිණිස සේදූ අත් ඇති ව වසමි. දන් දීමෙහි ඇලී සිටිමි. අනුන්ගේ ඉල්ලීමට සුදුස්සෙක්මි. දන් බෙදීමෙහි ඇලී සිටිමි’ යි තම ත්‍යාග ගුණය සිහි කරයි. මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ත්‍යාගය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ත්‍යාගය අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහානාමයෙනි, ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහාදියෙන් විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩපහරට පැමිණියේ, චාගානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.

(6) පුන ච පරං මහානාම අරියසාවකෝ දේවතානුස්සතිං භාවේති: “සන්ති දේවා චාතුමහාරාජිකා, සන්ති දේවා තාවතිංසා, සන්ති දේවා යාමා, සන්ති දේවා තුසිතා, සන්ති දේවා නිම්මානරතිනෝ, සන්ති දේවා පරනිම්මිතවසවත්තිනෝ, සන්ති දේවා බ්‍රහ්මකායිකා, සන්ති දේවා තදුත්තරිං. යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති, යථාරූපේන සීලේන සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපං සීලං සංවිජ්ජති. යථාරූපේන සුතේන සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපං සුතං සංවිජ්ජති. යථාරූපේන චාගේන සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපෝ චාගෝ සංවිජ්ජති. යථාරූපාය පඤ්ඤාය සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතී”ති. යස්මිං මහානාම සමයේ අරියසාවකෝ අත්තනෝ ච තාසං ච දේවතානං සද්ධං ච සීලං ච සුතං ච චාගං ච පඤ්ඤං ච අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති තා දේවතා ආරබ්භ. උජුගතචිත්තෝ ඛෝ පන මහානාම අරියසාවකෝ ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදියති, සුඛිනෝ චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහරති, සබ්‍යාපජ්ජාය පජාය අබ්‍යාපජ්ජෝ විහරති. ධම්මසෝතං සමාපන්නෝ දේවතානුස්සතිං භාවේති.

6. තව ද මහානාමයෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ දේවතානුස්සතිය වඩයි. එනම් ‘චාතුර්මහාරාජික දෙවිවරු ඇත්තාහ. තව්තිසාවැසි දෙවිවරු ඇත්තාහ. යාම දෙවිවරු ඇත්තාහ. තුසිත දෙවිවරු ඇත්තාහ. නිම්මාණරතී දෙවිවරු ඇත්තාහ. පරනිම්මිත වසවත්තී දෙවිවරු ඇත්තාහ. බ්‍රහ්මකායික දෙවිවරු ඇත්තාහ. එයට ත් ඉහළ තලවල දෙවිවරු ඇත්තාහ. යම්බඳු වූ ශ්‍රද්ධාවකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ ශ්‍රද්ධාවක් දකින්නට ලැබෙයි. යම්බඳු වූ සීලයකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ සීලයක් දකින්නට ලැබෙයි. යම්බඳු වූ ශ්‍රැතයකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ ශ්‍රැතයක් දකින්නට ලැබෙයි. යම්බඳු වූ ත්‍යාගයකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ ත්‍යාගයක් දකින්නට ලැබෙයි. යම්බඳු වූ ප්‍රඥාවකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ ප්‍රඥාවක් දකින්නට ලැබෙයි’ යනුවෙනි. මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක තමාගේ ත්, ඒ දෙවියන්ගේ ත් ශ්‍රද්ධාව ත්, සීලය ත්, ශ්‍රැතය ත්, ත්‍යාගය ත්, ප්‍රඥාව ත් සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත දෙවියන් අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහානාමයෙනි, ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහාදියෙන් විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩපහරට පැමිණියේ, දේවතානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.

යෝ සෝ මහානාම අරියසාවකෝ ආගතඵලෝ විඤ්ඤාතසාසනෝ, සෝ ඉමිනා විහාරේන බහුලං විහරතී’ති.

මහානාමයෙනි, මාර්ගඵලයන්ට පත්, බුදු සසුන මැනැවින් දැනගත්, යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් වෙයි නම්, හේ බහුල වශයෙන් වාසය කරන්නේ මේ විහරණයෙන් ය.

සාදු! සාදු!! සාදු!!!

මහානාම සූත්‍රය නිමා විය.

ආහුනෙය්‍යවග්ගෝ පඨමෝ.

පළමුවෙනි ආහුනෙය්‍ය වර්ගය අවසන් විය.

තස්සුද්දානං:

එහි පිළිවෙල උද්දානයයි :

ද්වේ ආහුනෙය්‍යා ඉන්ද්‍රියබලා තයෝ ආජානීයා
අනුත්තරියං අනුස්සතා මහානාමේන තේ දසාති.

ආහුනෙය්‍ය සූත්‍ර දෙක, ඉන්ද්‍රිය සූත්‍රය, බල සූත්‍රය, ආජානීය සූත්‍ර තුන, අනුත්තරිය සූත්‍රය, අනුස්සතිට්ඨාන සූත්‍රය සහ මහානාම සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M