අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.1.8. අනුත්තරිය සුත්තං

6.1.1.8. ශ්‍රේෂ්ඨ වූ දෙය ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං ……………….

සැවැත් නුවර දී ය ……………….

ඡයිමානි භික්ඛවේ අනුත්තරියානි. කතමානි ඡ:

මහණෙනි, මේ ශ්‍රේෂ්ඨ වූ දේවල් සයකි. ඒ කවර සයක් ද යත්;

දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියං.

දකින දේ අතර ශ්‍රේෂ්ඨ වූ දේ ඇත්තේ ය. සවන් දෙන දේ අතර ශ්‍රේෂ්ඨ වූ දේ ඇත්තේ ය. ලැබීම් අතර ශ්‍රේෂ්ඨ වූ දේ ඇත්තේ ය. හික්මෙන දේ අතර ශ්‍රේෂ්ඨ වූ දේ ඇත්තේ ය. උපස්ථාන අතර ශ්‍රේෂ්ඨ වූ දේ ඇත්තේ ය. සිහිකිරීම් අතර ශ්‍රේෂ්ඨ වූ දේ ඇත්තේ ය.

ඉමානි ඛෝ භික්ඛවේ ඡ අනුත්තරියානීති.

මහණෙනි, මේ වනාහී සය වැදෑරුම් ශ්‍රේෂ්ඨ වූ දේ ය.

සාදු! සාදු!! සාදු!!!

අනුත්තරිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M