සැවැත් නුවර දී ය ……………….
මහණෙනි, සය කරුණකින් යුක්ත වූ රජුගේ සොඳුරු ආජානේය අශ්වයා රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙයි. ඒ කවර කරුණු සයකින් ද යත්;
මහණෙනි, මෙහිලා රජුගේ සොඳුරු ආජානේය අශ්වයා රූපයන් ඉවසයි, ශබ්දයන් ඉවසයි, ගන්ධයන් ඉවසයි, රසයන් ඉවසයි, පහසවල් ඉවසයි, ජව සම්පන්න වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් යුක්ත වූ රජුගේ සොඳුරු ආජානේය අශ්වයා රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙයි.
මේ අයුරින් ම මහණෙනි, සය ධර්මයකින් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි. ඒ කවර සය දහමකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව රූපයන් ඉවසයි, ශබ්දයන් ඉවසයි, ගන්ධයන් ඉවසයි, රසයන් ඉවසයි, පහසවල් ඉවසයි, අරමුණු ඉවසයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි.
සාදු! සාදු!! සාදු!!!
තතිය ආජානීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M