සැවැත් නුවර දී ය ……………….
මහණෙනි, කරුණු හයකින් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙති. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් ය, විරිය ඉන්ද්‍රියෙන් ය, සති ඉන්ද්‍රියෙන් ය, සමාධි ඉන්ද්‍රියෙන් ය, ප්‍රඥා ඉන්ද්‍රියෙන් ය, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කිරීමෙන් ය.
මහණෙනි, මේ කරුණු හයෙන් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ඉන්ද්‍රිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M