☰
සැවැත් නුවර දී ය ……………….
මහණෙනි, කරුණු හයකින් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
ශ්‍රද්ධා බලයෙන් ය, විරිය බලයෙන් ය, සති බලයෙන් ය, සමාධි බලයෙන් ය, ප්‍රඥා බලයෙන් ය, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කිරීමෙන් ය.
මහණෙනි, මේ කරුණු හයෙන් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි.
සාදු! සාදු!! සාදු!!!
බල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M