අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.1.2. දුතියාහුනෙය්‍යසුත්තං

6.1.1.2. දන් පැන් පිදීමට සුදුසු බව ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්ථිනිදානං ……………….

සැවැත් නුවර දී ය ……………….

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. කතමේහි ඡහි:

මහණෙනි, කරුණු හයකින් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස්කරගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;

(1) ඉධ භික්ඛවේ භික්ඛු අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝති: ඒකෝ’පි හුත්වා බහුධා හෝති, බහුධා’පි හුත්වා ඒකෝ හෝති, ආවීභාවං තිරෝභාවං තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සෙය්‍යථාපි ආකාසේ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෝති සෙය්‍යථාපි උදකේ. උදකේපි අභෙජ්ජමානේ ගච්ඡති සෙය්‍යථාපි පඨවියං ආකාසේපි පල්ලංකේන කමති සෙය්‍යථාපි පක්ඛීසකුණෝ. ඉමේපි චන්දිමසුරියේ ඒවං මහිද්ධිකේ ඒවං මහානුභාවේ පාණිනා පරාමසති පරිමජ්ජති. යාව බ්‍රහ්මලෝකා’පි කායේන වසං වත්තේති.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව අනේක ප්‍රකාර වූ ඉර්ධි විශේෂයන් කළ හැකි වන්නේ ය. එනම් එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටියි. බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටියි. බිත්ති හරහා යයි, ප්‍රාකාරය හරහා යයි, පර්වත හරහා යයි, අහසින් යන සෙයින් ඒ කිසිවක නොගැටෙමින් යයි. පොළොවෙහි යටට කිමිදෙයි. උඩට මතුවෙයි. ජලයෙහි සේ ය. නොගිලෙමින් ජලයෙහි ඇවිදගෙන යයි. පොළොවෙහි යන සේ ය. පළඟක් බැඳ අහසින් යයි. පක්ෂි ලිහිණියෙකු සේ ය. මෙබඳු මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ හිරු සඳු දෙක ද අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වයි.

(2) දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසකාය උභෝ සද්දේ සුණාති දිබ්බේ ච මානුසේ ච යේච දූරේ සන්තිකේ ච.

2. මිනිස් හැකියාව ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය ශ්‍රවණයෙන් යුක්ත ව දිව්‍ය වූ ද, මනුෂ්‍ය වූ ද දුර හෝ ළඟ හෝ ඇති දෙආකාර ශබ්දයන් අසන්නේ වේ.

(3) පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානාති: “සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වා චිත්තං ….(පෙ)…. සදෝසං වා චිත්තං ….(පෙ)…. වීතදෝසං වා චිත්තං ….(පෙ)…. සමෝහං වා චිත්තං ….(පෙ)…. වීතමෝහං වා චිත්තං ….(පෙ)…. සංඛිත්තං වා චිත්තං ….(පෙ)…. වික්ඛිත්තං වා චිත්තං ….(පෙ)…. මහග්ගතං වා චිත්තං ….(පෙ)…. අමහග්ගතං වා චිත්තං ….(පෙ)…. සඋත්තරං වා චිත්තං ….(පෙ)…. අනුත්තරං වා චිත්තං ….(පෙ)…. සමාහිතං වා චිත්තං ….(පෙ)…. අසමාහිතං වා චිත්තං ….(පෙ)…. විමුත්තං වා චිත්තං ….(පෙ)…. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.

3. අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නේ වෙයි. එනම් සරාගී සිත සරාගී සිත යැයි දන්නේ ය. වීතරාගී සිත වීතරාගී සිත යැයි දන්නේ ය. සදෝසී සිත ….(පෙ)…. වීතදෝසී සිත ….(පෙ)…. සමෝහී සිත ….(පෙ)…. වීතමෝහී සිත ….(පෙ)…. හැකිළුණු සිත ….(පෙ)…. විසිරුණු සිත ….(පෙ)…. මහග්ගත සිත ….(පෙ)…. අමහග්ගත සිත ….(පෙ)…. සඋත්තර සිත ….(පෙ)…. අනුත්තර සිත ….(පෙ)…. සමාහිත සිත ….(පෙ)…. අසමාහිත සිත ….(පෙ)…. මිදුණු සිත ….(පෙ)…. නොමිදුණු සිත නොමිදුණු සිත යැයි දැන ගනී.

(4) අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේ’පි ජාතියෝ තිස්සෝ’පි ජාතියෝ චතස්සෝ’පි ජාතියෝ පඤ්ච’පි ජාතියෝ දස’පි ජාතියෝ වීසම්’පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාලීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාති සතම්පි ජාති සහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනේකේපි සංවට්ටකප්පේ, අනේකේපි විවට්ටකප්පේ, අනේකේපි සංවට්ටවිවට්ටකප්පේ: ‘අමුත්‍රාසිං ඒවන්නාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවං සුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවං සුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ’ති ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති.

4. අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, උපත් තුනක් වශයෙන් ද, උපත් සතරක් වහයෙන් ද, උපත් පහක් වශයෙන් ද, උපත් දහයක් වශයෙන් ද, උපත් විස්සක් වශයෙන් ද, උපත් තිහක්, උපත් හතළිහක්, උපත් පණහක්, උපත් සියයක්, උපත් දහසක්, උපත් සිය දහසක් වශයෙන් ද, අනේක වූ සංවට්ට කල්ප, අනේක වූ විවට්ට කල්ප, අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් ද සිහි කරයි. ‘මම් අසවල් තැන සිටියෙමි. අසවල් නමින් සිටියෙමි. අසවල් ගෝත්‍රයෙන් සිටියෙමි. අසවල් පැහැයෙන් සිටියෙමි. අසවල් ආහාර ගත්තෙමි. අසවල් අයුරින් සැප දුක් වින්දෙමි. අසවල් අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුත ව ඒ මම් අසවල් තැන උපන්නෙමි. එහිදී ද මම් අසවල් නමින් සිටියෙමි. අසවල් ගෝත්‍ර නමින් සිටියෙමි. අසවල් පැහැයෙන් සිටියෙමි. අසවල් ආහාර ගත්තෙමි. අසවල් සැප දුක් වින්දෙමි. අසවල් අයුරින් දිවිය අවසන් කළෙමි. ඒ මම් එයින් චුත ව මෙහි උපන්නෙමි’ ආදී වශයෙනි. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි.

(5) දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති: ‘ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ‘ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නාති’ ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති.

5. මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැයෙන් ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි. එනම් ‘ඒකාන්තයෙන් මේ භවත් සත්වයෝ කාය දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වචී දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස කළාහු ය. මිසදිටු ගත්තාහු ය. මිසදිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ යටට වැටෙන නිරයෙහි උපන්නාහු ය. එසේ ම මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු ය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස නොකළාහු ය. සම්දිටු ගත්තාහු ය. සම්දිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු ය. මෙසේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැයෙන් ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි.

(6) ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.

6. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති, පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

මහණෙනි, මේ කරුණු හයෙන් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස්කරගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ආහුනෙය්‍ය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M