මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි කියා භික්ෂූන් අමතා වදාළ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, කරුණු හයකින් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස්කරගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙති. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක සතුටු වන්නේ ද නොවෙයි. නොසතුටු වන්නේ ද නොවෙයි. උපේක්ෂාවෙන් යුතුව මනා සිහි නුවණින් යුතුව වාසය කරයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන සතුටු වන්නේ ද නොවෙයි. නොසතුටු වන්නේ ද නොවෙයි. උපේක්ෂාවෙන් යුතුව මනා සිහි නුවණින් යුතුව වාසය කරයි.
මහණෙනි, මේ කරුණු හයෙන් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස්කරගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
සාදු! සාදු!! සාදු!!!
පඨම ආහුනෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M