අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.3.8. උස්සූරභත්ත සුත්තං

5.5.3.8. බොහෝ කල් වේලා ගෙන දිවා ආහාර පිසීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, බොහෝ වෙලාව ගෙවුණු පසු දිවා ආහාරය පිසින කුලයෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

ආගන්තුක සත්කාරයට සුදුසු ආගන්තුකයෝ එහි පැමිණෙත් නම් ඔවුහු සුදුසු කල්හී නොපිදුවාහු වෙති. යම් ඒ පුද පිළිගන්නා දේවතාවෝ වෙත් නම් ඔවුහු සුදුසු කල්හී නොපිදුවාහු වෙති. යම් ඒ රෑ බොජුනින් වැළකී සිටින, විකල් බොජුනින් වැළකී සිටින, එක් වේලෙහි දන් වළඳන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම් ඔවුහු සුදුසු කල්හී නොපිදුවාහු වෙති. දාස කම්කරු පුරුෂයෝ ද වැඩ මගහරිමින් කටයුතු කරත්. නුසුදුසු කල අනුභව කරන භෝජනය ඕජස් රහිත වෙයි.

මහණෙනි, මේ වනාහී බොහෝ වෙලාව ගෙවුණු පසු දිවා ආහාරය පිසින කුලයෙහි ආදීනව පස යි.

මහණෙනි, නිසි කලට දිවා ආහාරය පිසින කුලයෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

ආගන්තුක සත්කාරයට සුදුසු ආගන්තුකයෝ එහි පැමිණෙත් නම් ඔවුහු සුදුසු කල්හී පිදුවාහු වෙති. යම් ඒ පුද පිළිගන්නා දේවතාවෝ වෙත් නම් ඔවුහු සුදුසු කල්හී පිදුවාහු වෙති. යම් ඒ රෑ බොජුනින් වැළකී සිටින, විකල් බොජුනින් වැළකී සිටින, එක් වේලෙහි දන් වළඳන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම් ඔවුහු සුදුසු කල්හී පිදුවාහු වෙති. දාස කම්කරු පුරුෂයෝ ද වැඩ මග නොහරිමින් කටයුතු කරත්. සුදුසු කල අනුභව කරන භෝජනය ඕජස් සහිත වෙයි.

මහණෙනි, මේ වනාහී නිසි කලට දිවා ආහාරය පිසින කුලයෙහි අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

උස්සූරභත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M