☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, කළු නයාගේ මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
අපවිත්‍ර වූයේ වෙයි. දුගඳින් යුක්ත වූයේ වෙයි. භය උපදවන්නේ වෙයි. භය සහිත වූයේ වෙයි. මිත්‍රද්‍රෝහී වූයේ වෙයි.
මහණෙනි, මේ වනාහී කළු නයාගේ ආදීනව පස යි.
එසෙයින් ම මහණෙනි, ස්ත්‍රියගේ මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
අපවිත්‍ර වූවා වෙයි. දුගඳින් යුක්ත වූවා වෙයි. භය උපදවන්නී වෙයි. භය සහිත වූවා වෙයි. මිත්‍රද්‍රෝහී වූවා වෙයි.
මහණෙනි, මේ වනාහී ස්ත්‍රියගේ ආදීනව පස යි.
සාදු! සාදු!! සාදු!!!
පඨම කණ්හසප්ප සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M