අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.3.6. දුතිය කුලූපග සුත්තං

5.5.3.6. කුලුපග භික්ෂුව ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, දායක පවුල් හා කුලුපග ව වේලා ඉක්මයන තුරු එකට හැසිරෙන භික්ෂුව කෙරෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

නිතර ම ස්ත්‍රියකගේ දැක්ම ලැබෙයි. නිතර දකින්නට ලැබීමෙන් එකට හමුවෙයි. එකට හමුවීමෙන් විශ්වාසය ඇතිවෙයි. විශ්වාසය ඇතිවීමෙන් රාගයෙහි සිත බැසගනියි. රාගයෙහි බැසගත් සිත් ඇත්තහුට මෙය කැමති විය යුත්තේ ය. එනම් අකමැත්තෙන් බඹසර හැසිරෙන්නේ ය, එක්තරා කිලිටි ආපත්තියකට පැමිණෙන්නේ ය, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට හෝ පත්වන්නේ ය යන කරුණු ය.

මහණෙනි, දායක පවුල් හා කුලුපග ව වේලා ඉක්මයන තුරු එකට හැසිරෙන භික්ෂුව කෙරෙහි මේ ආදීනව පස යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය කුලූපග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M