අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.3.5. පඨම කුලූපග සුත්තං

5.5.3.5. කුලුපග භික්ෂුව ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, දායක පවුල් හා කුලුපග ව හැසිරෙන භික්ෂුව කෙරෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

සංඝයාට නොදන්වා ගමට යෑමෙහි ඇවතට පත් වෙයි. රහසේ නුසුදුසු උදවිය හා වාඩිවීමෙහි ඇවතට පත්වෙයි. ආවරණය වූ අසුනෙහි නුසුදුසු උදවිය හා වාඩිවීමෙහි ඇවතට පත්වෙයි. ස්ත්‍රියකට පස් හය වචනයකට වඩා තනි ව සිට ධර්මය දෙසීමෙහි ඇවතට පත්වෙයි. කාම සංකල්ප බහුල ව වාසය කරයි.

මහණෙනි, දායක පවුල් හා කුලුපග ව හැසිරෙන භික්ෂුව කෙරෙහි මේ ආදීනව පස යි.

සාදු! සාදු!! සාදු!!!

පඨම කුලූපග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M