අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.3.4. දුතිය අතිනිවාස සුත්තං

5.5.3.4. බොහෝ කල් එක තැන විසීම ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, බොහෝ කල් එක් තැනක විසීමෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

ආවාසය කෙරෙහි මසුරු වෙයි. දායක පවුල් කෙරෙහි මසුරු වෙයි. ලාභ සත්කාර කෙරෙහි මසුරු වෙයි. වර්ණනාව කෙරෙහි මසුරු වෙයි. ධර්මය කෙරෙහි මසුරු වෙයි.

මහණෙනි, මේ වනාහී බොහෝ කල් එක් තැනක විසීමෙහි ආදීනව පස යි.

මහණෙනි, අවස්ථානුකූල ව විසීමෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

ආවාසය කෙරෙහි මසුරු නොවෙයි. දායක පවුල් කෙරෙහි මසුරු නොවෙයි. ලාභ සත්කාර කෙරෙහි මසුරු නොවෙයි. වර්ණනාව කෙරෙහි මසුරු නොවෙයි. ධර්මය කෙරෙහි මසුරු නොවෙයි.

මහණෙනි, මේ වනාහී අවස්ථානුකූල ව විසීමෙහි අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අතිනිවාස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M