අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.3.2. දුතිය දීඝචාරික සුත්තං

5.5.3.2. දීර්ඝ චාරිකාව ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, හිතුවක්කාර ලෙස දීර්ඝ චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

නොලැබූ ධ්‍යාන මාර්ගඵලාදිය නොලබයි. ලැබූ ධ්‍යානාදිය පිරිහෙයි. ලැබූ ඇතැම් ගුණයන්හි විශාරද නොවෙයි. බලවත් රෝග උපද්‍රවයන්ට ලක් වෙයි. මිතුරන් ඇත්තේ නොවෙයි.

මහණෙනි, හිතුවක්කාර ලෙස දීර්ඝ චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පස යි.

මහණෙනි, අවස්ථානුකූල ව චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

නොලැබූ ධ්‍යාන මාර්ගඵලාදිය ලබයි. ලැබූ ධ්‍යානාදිය නොපිරිහෙයි. ලැබූ ඇතැම් ගුණයන්හි විශාරද වෙයි. බලවත් රෝග උපද්‍රවයන්ට ලක් නොවෙයි. මිතුරන් ඇත්තේ වෙයි.

මහණෙනි, අවස්ථානුකූල ව චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය දීඝචාරික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M