☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, හිතුවක්කාර ලෙස දීර්ඝ චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
නොඅසන ලද ධර්මය නොඅසයි. අසන ලද ධර්මය ද පැහැදිලි නොකර ගනියි. අසන ලද ඇතැම් ධර්මයන්හි අවිශාරද වෙයි. බලවත් රෝග උපද්‍රවයන්ට ලක්වෙයි. මිතුරන් ඇත්තේ නොවෙයි.
මහණෙනි, හිතුවක්කාර ලෙස දීර්ඝ චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පස යි.
මහණෙනි, අවස්ථානුකූලව චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
නොඅසන ලද ධර්මය අසයි. අසන ලද ධර්මය ද පැහැදිලි කර ගනියි. අසන ලද ඇතැම් ධර්මයන්හි විශාරද වෙයි. බලවත් රෝග උපද්‍රවයන්ට නොලක්වෙයි. මිතුරන් ඇත්තේ වෙයි.
මහණෙනි, අවස්ථානුකූල ව චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ අනුසස් පස යි.
සාදු! සාදු!! සාදු!!!
පඨම දීඝචාරික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M