අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.2.8. දුතිය අපසාදික සුත්තං

5.5.2.8. නොපහදින ක්‍රියා ඇති ව සිටීම ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, නොපහදින ලෙස කටයුතු කිරීමෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

නොපහන් වූවෝ නොපහදිති. පහන් වූ ඇතැමුන්ගේ ද කලකිරීම ඇතිවෙයි. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව නොකළේ වෙයි. පශ්චිම ජනතාව ද එය අනුකරණය කරයි. ඔහුගේ සිත ද නොපහදියි.

මහණෙනි, නොපහදින ලෙස කටයුතු කිරීමෙහි මේ ආදීනව පස යි.

මහණෙනි, පහදින ලෙස කටයුතු කිරීමෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

නොපහන් වූවෝ පහදිති. පහන් වූවෝ බොහෝ සෙයින් පහදිති. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව කළේ වෙයි. පශ්චිම ජනතාව ද එය අනුකරණය කරයි. ඔහුගේ සිත ද පහදියි.

මහණෙනි, පහදින ලෙස කටයුතු කිරීමෙහි මේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අපාසාදික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M