අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.2.7. පඨම අපසාදික සුත්තං

5.5.2.7. නොපහදින ක්‍රියා ඇති ව සිටීම ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, නොපහදින ලෙස කටයුතු කිරීමෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

තමා ත් තමාට උපවාද කරයි. නුවණැත්තෝ එය දැන ගරහති. පවිටු අපකීර්තියක් පැතිර යයි. සිහි මුලා ව කළුරිය කරයි. කය බිඳී මරණින් මතු අපාය දුගතිය විනිපාත නම් වූ නිරයෙහි උපදියි.

මහණෙනි, නොපහදින ලෙස කටයුතු කිරීමෙහි මේ ආදීනව පස යි.

මහණෙනි, පහදින ලෙස කටයුතු කිරීමෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

තමා ත් තමාට උපවාද නොකරයි. නුවණැත්තෝ එය දැන පසසති. කල්‍යාණ කීර්තියක් පැතිර යයි. සිහි මුළා නොවී කළුරිය කරයි. කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි.

මහණෙනි, පහදින ලෙස කටයුතු කිරීමෙහි මේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

පඨම අපාසාදික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M