අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.2.4. බහුභාණී සුත්තං

5.5.2.4. බොහෝ කතා කරන්නා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, බොහෝ කතා කරන පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

බොරු කියයි. කේලාම් කියයි. දරුණු වචන කියයි. හිස් වචන කියයි. කය බිඳී මරණින් මතු අපාය දුගතිය විනිපාත නම් වූ නිරයෙහි උපදියි.

මහණෙනි, බොහෝ කතා කරන පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පස යි.

මහණෙනි, නුවණින් දැන කතා කරන පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

බොරු නොකියයි. කේලාම් නොකියයි. දරුණු වචන නොකියයි. හිස් වචන නොකියයි. කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි.

මහණෙනි, නුවණින් දැන කතා කරන පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

බහුභාණී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M