අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.2.5. පඨම අක්ඛන්ති සුත්තං

5.5.2.5. නොඉවසීම ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, නොඉවසීමෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

බොහෝ ජනයාට අප්‍රිය අමනාප වෙයි. වෛර බහුල ද වෙයි. වැරදි බහුල ද වෙයි. සිහි මුලා ව කළුරිය කරයි. කය බිඳී මරණින් මතු අපාය දුගතිය විනිපාත නම් වූ නිරයෙහි උපදියි.

මහණෙනි, නොඉවසීමෙහි මේ ආදීනව පස යි.

මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

බොහෝ ජනයාට ප්‍රිය මනාප වෙයි. වෛර බහුල නොවෙයි. වැරදි බහුල නොවෙයි. සිහි මුලා නොවී කළුරිය කරයි. කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි.

මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

පඨම අක්ඛන්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M