අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.2.2. භණ්ඩනකාරක සුත්තං

5.5.2.2. දබර කරන්නා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, යම් ඒ භික්ෂුවක් දබර කරන්නේ, කෝළාහල කරන්නේ, විවාද කරන්නේ, බැන වදින්නේ, සංඝයා අතර අර්බුද කරන්නේ නම් ඔහු ආදීනව පසක් කැමති විය යුත්තේ ය. ඒ කවර පසක් ද යත්;

නොලැබූ ධ්‍යාන මගඵල ආදිය නොලබයි. ලැබූ ධ්‍යානාදිය පිරිහෙයි. පවිටු වූ අපකීර්තියක් පැතිරෙයි. මුළා වූ සිහි ඇති ව මරණයට පත්වෙයි. කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි.

මහණෙනි, යම් ඒ භික්ෂුවක් දබර කරන්නේ, කෝළාහල කරන්නේ, විවාද කරන්නේ, බැන වදින්නේ, සංඝයා අතර අර්බුද කරන්නේ නම් ඔහු මේ ආදීනව පස කැමති විය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

භණ්ඩනකාරක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M