☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, යම් ඒ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රෝශ කරයි ද, පරිභව කරයි ද, ආර්ය උපවාද කරයි ද ඔහු ආදීනව පසක් කැමති විය යුත්තේ ය. ඒ කවර පසක් ද යත්;
නිවන් මග වනසාගෙන පාරාජිකා ඇවතට හෝ පත්වෙයි. වෙනත් කිලිටි සහගත ඇවතකට හෝ පත්වෙයි. දරුණු වූ රෝගාබාධයක් හෝ වැළඳෙයි. මුළා වූ සිහි ඇති ව මරණයට පත්වෙයි. කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි.
මහණෙනි, යම් ඒ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රෝශ කරයි ද, පරිභව කරයි ද, ආර්ය උපවාද කරයි ද ඔහු මේ ආදීනව පස කැමති විය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අක්කෝසක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M