අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.1.9. ගීතස්සර සුත්තං

5.5.1.9. ගීතස්වරය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

තමා ත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ත් ඒ ස්වරයෙහි ඇලෙති. ගිහියෝ ත් ‘අපි යම් සේ ගයමු ද එසෙයින් ම මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණවරු ත් ගයත් නොවැ’ යි අවඥා කරති. ස්වර ආකෘතිය කැමති වන්නහුගේ සමාධිය ද බිඳී යයි. පශ්චිම ජනතාව එය ආදර්ශයට ගෙන ඒ අයුරින් කටයුතු කරයි.

මහණෙනි, මේ වනාහී ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට ආදීනව පස යි.

සාදු! සාදු!! සාදු!!!

ගීතස්සර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M