අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.1.10. මුට්ඨස්සති සුත්තං

5.5.1.10. මුලා සිහි ඇති බව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සිහි මුලා ව, නුවණින් තොර ව, නින්දට වැටුණු තැනැත්තහුගේ මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

දුක සේ නිදයි. දුක සේ අවදි වෙයි. පවිටු සිහින දකියි. දෙවියෝ නොරකිති. නින්දෙන් ශුක්‍ර පිටවෙයි.

මහණෙනි, මේ වනාහී සිහි මුලා ව, නුවණින් තොර ව, නින්දට වැටුණු තැනැත්තහුගේ ආදීනව පස යි.

මහණෙනි, පිහිටුවා ගත් සිහි ඇති ව, නුවණින් යුතු ව, නින්දට වැටුණු තැනැත්තහුගේ මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

සුව සේ නිදයි. සුව සේ අවදි වෙයි. පවිටු සිහින නොදකියි. දෙවියෝ රකිති. නින්දෙන් ශුක්‍ර පිට නොවෙයි.

මහණෙනි, මේ වනාහී පිහිටුවා ගත් සිහි ඇති ව, නුවණින් යුතු ව, නින්දට වැටුණු තැනැත්තහුගේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

මුට්ඨස්සති සූත්‍රය නිමා විය.

පළමුවෙනි කිම්බිල වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

කිම්බිල සූත්‍රය, ධම්මසවණ සූත්‍රය, ආජානීය සූත්‍රය, බල සූත්‍රය, චේතෝඛිල සූත්‍රය, චේතෝ විනිබන්ධ සූත්‍රය, යාගු සූත්‍රය, දන්තකට්ඨ සූත්‍රය, ගීතස්සර සූත්‍රය සහ මුට්ඨස්සති සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M