අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.1.8. දන්තකට්ඨ සුත්තං

5.5.1.8. දැහැටි ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, දැහැටිවලින් දත් නොමැදීමෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

ඇසට අහිතකර වෙයි. මුඛය දුර්ගන්ධයෙන් යුතු වෙයි. රස නහර පිරිසිදු නොවෙයි. පිත ත්, සෙම ත් ආහාරය අවුරයි. ඔහුට ආහාර රුචි නොවෙයි.

මහණෙනි, මේ වනාහී දැහැටිවලින් දත් නොමැදීමෙහි ආදීනව පස යි.

මහණෙනි, දැහැටිවලින් දත් මැදීමෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

ඇසට හිතකර වෙයි. මුඛය දුර්ගන්ධයෙන් යුතු නොවෙයි. රස නහර පිරිසිදු වෙයි. පිත ත්, සෙම ත් ආහාරය නොඅවුරයි. ඔහුට ආහාර රුචි වෙයි.

මහණෙනි, මේ වනාහී දැහැටිවලින් දත් මැදීමෙහි අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

දන්තකට්ඨ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M