අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.1.7. යාගු සුත්තං

5.5.1.7. කැඳ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, කැඳෙහි මේ අනුසස් පස ඇත්තේ ය. ඒ කවර පසක් ද යත්; කුසගිනි නසයි. පිපාසය දුරු කරයි. වාතය බැහැර කරයි. මල මාර්ගය පිරිසිදු කරයි. ආමාශයෙහි ඉතිරි වී ඇති ආහාර දිරවයි. මහණෙනි, කැඳෙහි මේ අනුසස් පස ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

යාගු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M