සැවැත් නුවර දී ය …..
මහණෙනි, සිතෙහි ඇණෙන මේ හුල් පසකි. ඒ කවර පසක් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුව තම ශාස්තෘන් වහන්සේ පිළිබඳ ව සැක කරයි. විචිකිච්ඡා කරයි. ශ්‍රද්ධාවෙහි නොබැස ගනියි. නොපහදියි. මහණෙනි, යම් ඒ භික්ෂුව තම ශාස්තෘන් වහන්සේ පිළිබඳව සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, ශ්‍රද්ධාවෙහි නොබැස ගනියි ද, නොපහදියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතුව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි ඇණී ඇති මෙම පළමු වැනි හුල වෙයි.
2.-5. තවද මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මය පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. සංඝයා පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. ශික්ෂාව පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳ ව කෝපයෙන් සිටියි. අමනාපයෙන් සිටියි. ගැටුණු සිතින් හටගත් හුල ඇති ව සිටියි. මහණෙනි, යම් ඒ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳ ව කෝපයෙන් සිටියි ද, අමනාපයෙන් සිටියි ද, ගැටුණු සිතින් හටගත් හුල ඇති ව සිටියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි ඇණී ඇති මෙම පස්වෙනි හුල වෙයි.
මහණෙනි, මේ වනාහී සිතෙහි ඇණෙන මේ හුල් පස යි.
සාදු! සාදු!! සාදු!!!
චේතෝඛිල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M