සැවැත් නුවර දී ය …..
මහණෙනි, යම් කලක සිල්වත් පැවිද්දෝ දායක පවුලක් වෙත එළඹෙත් නම් එහිලා මිනිස්සු පස් කරුණකින් බොහෝ පින් උපදවා ගනිති. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු සිත් පහදවා ගනිත් ද, මහණෙනි, එසමයෙහි ඒ දායක නිවස ස්වර්ගය පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු හුනස්නෙන් නැගිටිත් ද, සකසා වඳිත් ද, අසුනෙන් පවරත් ද, මහණෙනි, එසමයෙහි ඒ දායක නිවස උසස් කුලයෙහි ඉපදීම පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු මසුරු මල බැහැර කරත් ද, මහණෙනි, එසමයෙහි ඒ දායක නිවස මහේශාක්‍ය බව පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු ශක්ති පමණින් තිබෙන පමණින් දන් පැන් පූජා කරගනිත් ද, මහණෙනි, එසමයෙහි ඒ දායක නිවස මහා භෝග සම්පත් පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු දහම් කරුණු විමසත් ද, යළි යළි විමසත් ද, බණ අසත් ද, මහණෙනි, එසමයෙහි ඒ දායක නිවස මහා ප්‍රඥාව පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලක සිල්වත් පැවිද්දෝ දායක පවුලක් වෙත එළඹෙත් නම් එහිලා මිනිස්සු මේ පස් කරුණෙන් බොහෝ පින් උපදවා ගනිති.
සාදු! සාදු!! සාදු!!!
කුල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M