☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, අංග පසකින් යුක්ත වූ වචනය සුභාෂිත වෙයි. නොමනා කොට කියූවක් නොවෙයි. නිවැරදි වෙයි. නුවණැතියන් විසින් නොගරහනු ලබයි. ඒ කවර පසකින් ද යත්;
සුදුසු කල්හී ද කියන්නේ වෙයි. සත්‍යයෙන් ද කියන්නේ වෙයි. මොළොක් ලෙස ද කියන්නේ වෙයි. යහපත් කරුණින් ද කියන්නේ වෙයි. මෛත්‍රී සිතින් ද කියන්නේ වෙයි.
මහණෙනි, මේ අංග පසෙන් යුක්ත වූ වචනය සුභාෂිත වෙයි. නොමනා කොට කියූවක් නොවෙයි. නිවැරදි වෙයි. නුවණැතියන් විසින් නොගරහනු ලබයි.
සාදු! සාදු!! සාදු!!!
සුභාසිතවාචා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M