සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ නිස්සාරණීය ධාතූහු පසකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව හට කාමයන් මෙනෙහි කරද්දී කාමයන් තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට කාමයන්ගෙන් නික්මීම වූ අසුභය මෙනෙහි කරද්දී ඒ නෙක්ඛම්මයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් නෙක්ඛම්මයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. කාමයන්ගෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් කාමයන්ගෙන් විසංයුක්ත වූයේ ය. කාමයන් හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ කාම වේදනාව නොවිඳියි. මේ අසුභ සමාධිය කාමයන්ගේ නික්ම යෑම යැයි කියනු ලැබේ.
තව ද මහණෙනි, භික්ෂුව හට ද්වේෂය මෙනෙහි කරද්දී ද්වේෂය තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට ද්වේෂයෙන් නික්මීම වූ මෛත්‍රිය මෙනෙහි කරද්දී ඒ මෛත්‍රියෙහි සිත බැස ගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් මෛත්‍රියට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. ද්වේෂයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් ද්වේෂයෙන් විසංයුක්ත වූයේ ය. ද්වේෂය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ ද්වේෂ වේදනාව නොවිඳියි. මේ මෛත්‍රී සමාධිය ද්වේෂයෙන් නික්ම යෑම යැයි කියනු ලැබේ.
තව ද මහණෙනි, භික්ෂුව හට හිංසාව මෙනෙහි කරද්දී හිංසාව තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට හිංසාවෙන් නික්මීම වූ කරුණාව මෙනෙහි කරද්දී ඒ කරුණාවෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් කරුණාවට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. හිංසාවෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් හිංසාවෙන් විසංයුක්ත වූයේ ය. හිංසාව හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ හිංසා වේදනාව නොවිඳියි. මේ කරුණා සමාධිය හිංසාවෙන් නික්ම යෑම යැයි කියනු ලැබේ.
තව ද මහණෙනි, භික්ෂුව හට රූපය මෙනෙහි කරද්දී රූපය තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට රූපයෙන් නික්මීම වූ අරූපය මෙනෙහි කරද්දී ඒ අරූපයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් අරූපයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. රූපයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් රූපයෙන් විසංයුක්ත වූයේ ය. රූපය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ රූප වේදනාව නොවිඳියි. මේ අරූප සමාධිය රූපයෙන් නික්ම යෑම යැයි කියනු ලැබේ.
තව ද මහණෙනි, භික්ෂුව හට පංච උපාදානස්කන්ධය මෙනෙහි කරද්දී පංච උපාදානස්කන්ධය තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට පංච උපාදානස්කන්ධයෙන් නික්මීම වූ සක්කාය නිරෝධය මෙනෙහි කරද්දී ඒ සක්කාය නිරෝධයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් සක්කාය නිරෝධයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. පංච උපාදානස්කන්ධයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් පංච උපාදානස්කන්ධයෙන් විසංයුක්ත වූයේ ය. පංච උපාදානස්කන්ධය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ පංච උපාදානස්කන්ධ වේදනාව නොවිඳියි. මේ සක්කාය නිරෝධය සක්කායෙන් නික්ම යෑම යැයි කියනු ලැබේ.
ඔහු කාමයෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වයි. ව්‍යාපාදයෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වයි. හිංසාවෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වයි. රූපයෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වයි. සක්කායෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වයි. ඔහු කාමයෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වන්නේ, ව්‍යාපාදයෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වන්නේ, හිංසාවෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වන්නේ, රූපයෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වන්නේ, සක්කායෙන් සතුටු වීමකුත් සිත තුළ නොපවත්වන්නේ මහණෙනි, මේ භික්ෂුව අනුසය රහිත වූයේ යැයි කියනු ලැබේ. තෘෂ්ණාව සින්දේ යැයි කියනු ලැබේ. සංයෝජන උදුරා දැමුවේ යැයි කියනු ලැබේ. මානය මැනැවින් අවබෝධ කොට ප්‍රහාණය කිරීමෙන් දුක් අවසන් කළේ යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී නිස්සාරණීය ධාතූහු පසයි.
සාදු! සාදු!! සාදු!!!
නිස්සාරණීය සූත්‍රය නිමා විය.
පස්වෙනි සෝණ වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
සෝණ සූත්‍රය, ද්‍රෝණ සූත්‍රය, සංගාරව සූත්‍රය, කාරණපාලී සූත්‍රය, පිංගියානී සූත්‍රය, මහා සුපින සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය, සුභාසිත වාචා සූත්‍රය, කුල සූත්‍රය සහ නිස්සාරණීය සුත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
සතරවෙනි පණ්ණාසකය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M