අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.3.5. උපාසක චණ්ඩාල සුත්තං

5.4.3.5. උපාසක සැඩොලා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසකයා උපාසක සැඩොලෙක් ද වෙයි. උපාසක කසලයෙක් ද වෙයි. උපාසක පිළිකුලෙක් ද වෙයි. ඒ කවර පසකින් ද යත්;

ශ්‍රද්ධාව නැත්තේ වෙයි. දුස්සීල වෙයි. සුභ නැකැත්, සුභ නිමිති බලන්නේ බාහිර මංගල කරුණු සොයන්නේ වෙයි. කර්මය නොව මංගල කරුණු විශ්වාස කරයි. මේ ශාසනයෙන් බාහිර ව දන් පැන් පුදන පුද්ගලයන් සොයයි. එහිලා ද පෙර පරිද්දෙන් ම කටයුතු කරයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසකයා උපාසක සැඩොලෙක් ද වෙයි. උපාසක කසලයෙක් ද වෙයි. උපාසක පිළිකුලෙක් ද වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසකයා උපාසක රත්නයක් ද වෙයි. උපාසක පියුමක් ද වෙයි. උපාසක සුදු නෙළුමක් ද වෙයි. ඒ කවර පසකින් ද යත්;

ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. සුභ නැකැත්, සුභ නිමිති නොබලන්නේ බාහිර මංගල කරුණු නොසොයන්නේ වෙයි. මංගල කරුණු නොව කර්මය විශ්වාස කරයි. මේ ශාසනයෙන් බාහිර ව දන් පැන් පුදන පුද්ගලයන් නොසොයයි. එහිලා ද පෙර පරිද්දෙන් ම කටයුතු කරයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසකයා උපාසක රත්නයක් ද වෙයි. උපාසක පියුමක් ද වෙයි. උපාසක සුදු නෙළුමක් ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

උපාසක චණ්ඩාල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M