අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.3.3. නිරය සුත්තං

5.4.3.3. නිරයෙහි උපත ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසකයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;

සතුන් මරන්නේ වෙයි. ….(පෙ)…. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසකයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසකයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;

සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකුණේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසක තෙමේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

නිරය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M