අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.3.2. විසාරද සුත්තං

5.4.3.2. විශාරද බව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසකයා විශාරද නැත්තේ ගිහිගෙදර වාසය කරයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

සතුන් මරන්නේ වෙයි. ….(පෙ)…. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසකයා විශාරද නැත්තේ ගිහිගෙදර වාසය කරයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසකයා විශාරද බවට පැමිණියේ ගිහිගෙදර වාසය කරයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකුණේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසකයා විශාරද බවට පැමිණියේ ගිහිගෙදර වාසය කරයි.

සාදු! සාදු!! සාදු!!!

විසාරද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M