එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසකයා තේජස් රහිත බවට පැමිණියේ වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. වැරදි කාමයෙහි හැසිරෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. මත්වීමට හා ප්‍රමාදයට හේතු වන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසකයා තේජස් රහිත බවට පැමිණියේ වෙයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසකයා විශාරද බවට පැමිණියේ වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. වැරදි කාමයෙහි හැසිරීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්වීමට හා ප්‍රමාදයට හේතු වන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකුණේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසකයා විශාරද බවට පැමිණියේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සාරජ්ජ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M