අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.2.4. සාජීව සුත්තං

5.4.2.4. ජීවිකාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….

ආයුෂ්මත්නි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ එකට ජීවත් වීමට සුදුසු වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව තමා ද සීල සම්පන්න වූයේ වෙයි. සීල සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද සමාධි සම්පන්න වූයේ වෙයි. සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද ප්‍රඥා සම්පන්න වූයේ වෙයි. ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද විමුක්ති සම්පන්න වූයේ වෙයි. විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද විමුක්ති ඥානදර්ශනයෙන් යුක්ත වූයේ වෙයි. විමුක්ති ඥානදර්ශන සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි.

ආයුෂ්මත්නි, මේ පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ එකට ජීවත් වීමට සුදුසු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සාජීව සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M