අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.2.3. සාකච්ඡ සුත්තං

5.4.2.3. සාකච්ඡාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘ආයුෂ්මතුන් වහන්ස’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.

ආයුෂ්මත්නි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සාකච්ඡාවට සුදුසු වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව තමා ද සීල සම්පන්න වූයේ වෙයි. සීල සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද සමාධි සම්පන්න වූයේ වෙයි. සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද ප්‍රඥා සම්පන්න වූයේ වෙයි. ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද විමුක්ති සම්පන්න වූයේ වෙයි. විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද විමුක්ති ඥානදර්ශනයෙන් යුක්ත වූයේ වෙයි. විමුක්ති ඥානදර්ශන සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්‍රශ්නයන් විසඳන්නේ වෙයි.

ආයුෂ්මත්නි, මේ පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සාකච්ඡාවට සුදුසු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සාකච්ඡා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M