☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව තේජස් රහිත බවට පැමිණියේ වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුස්සීල වෙයි. අල්පශ්‍රැත වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව තේජස් රහිත බවට පැමිණියේ වෙයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව විශාරද බවට පැමිණියේ වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. බහුශ්‍රැත වෙයි. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විශාරද බවට පැමිණියේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සාරජ්ජ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M