අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.1.2. දුතිය සම්මත්තනියාම සුත්තං

5.4.1.2. ආර්ය මාර්ගයට බැසගැනීම ගැන වදාළ දෙවන දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

දහම් කථාවට පරිභව කරයි. ධර්ම කථිකයාට පරිභව කරයි. තමාට පරිභව කරයි. නුවණ නොවැඩෙන්නේ කෙළතොළු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. අවබෝධ නොකළ දෙය පිළිබඳව අවබෝධ වූයේය යන මාන්නය ඇත්තේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

දහම් කථාවට පරිභව නොකරයි. ධර්ම කථිකයාට පරිභව නොකරයි. තමාට පරිභව නොකරයි. ජඩ නොවූයේ කෙළතොළු නොවූයේ ප්‍රඥාවන්ත වෙයි. අවබෝධ නොකළ දෙය පිළිබඳව අවබෝධ වූයේය යන මාන්නය නැත්තේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සම්මත්තනියාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M