අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.1.1. පඨම සම්මත්තනියාම සුත්තං

5.4.1.1. ආර්ය මාර්ගයට බැසගැනීම ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

දහම් කථාවට පරිභව කරයි. ධර්ම කථිකයාට පරිභව කරයි. තමාට පරිභව කරයි. විසිරුණු සිතින් යුතු ව එකඟ නොවූ සිතින් යුතු ව ධර්මය අසයි. වැරදි අයුරින් මෙනෙහි කරයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

දහම් කථාවට පරිභව නොකරයි. ධර්ම කථිකයාට පරිභව නොකරයි. තමාට පරිභව නොකරයි. නොවිසිරුණු සිතින් යුතු ව එකඟ වූ සිතින් යුතු ව ධර්මය අසයි. නුවණින් යුතුව මෙනෙහි කරයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම සම්මත්තනියාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M