☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් කරුණ සමය විමුක්ත භික්ෂුවගේ පරිහානිය පිණිස පවතියි. ඒ කවර කරුණු පසක් ද යත්;
බාහිර වැඩකටයුතුවල ඇලී සිටීම, කථාවෙහි ඇලී සිටීම, නින්දෙහි ඇලී සිටීම, පිරිස සමඟ ඇලී සිටීම, සිත විමුක්තියට පත් වූයේ යම් අයුරකින් ද එය ප්‍රත්‍යවේක්ෂා නොකිරීම ය.
මහණෙනි, මේ පස් කරුණ සමය විමුක්ත භික්ෂුවගේ පරිහානිය පිණිස පවතියි.
මහණෙනි, මේ පස් කරුණ සමය විමුක්ත භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු පසක් ද යත්;
බාහිර වැඩකටයුතුවල ඇලී නොසිටීම, කථාවෙහි ඇලී නොසිටීම, නින්දෙහි ඇලී නොසිටීම, පිරිස සමඟ ඇලී නොසිටීම, සිත විමුක්තියට පත් වූයේ යම් අයුරකින් ද එය ප්‍රත්‍යවේක්ෂා කිරීම ය.
මහණෙනි, මේ පස් කරුණ සමය විමුක්ත භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි.
සාදු! සාදු!! සාදු!!!
පඨම සමය විමුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M