අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.5.10. දුතිය සමය විමුත්ත සුත්තං

5.3.5.10. කෙලෙස් යටපත් වූ විට ලැබෙන චිත්ත දියුණුව ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පස් කරුණ සමය විමුක්ත භික්ෂුවගේ පරිහානිය පිණිස පවතියි. ඒ කවර කරුණු පසක් ද යත්;

බාහිර වැඩකටයුතුවල ඇලී සිටීම, කථාවෙහි ඇලී සිටීම, නින්දෙහි ඇලී සිටීම, ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති බව, ආහාරයේ අරුත නොදැන සිටීම ය. මහණෙනි, මේ පස් කරුණ සමය විමුක්ත භික්ෂුවගේ පරිහානිය පිණිස පවතියි.

මහණෙනි, මේ පස් කරුණ සමය විමුක්ත භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු පසක් ද යත්;

බාහිර වැඩකටයුතුවල ඇලී නොසිටීම, කථාවෙහි ඇලී නොසිටීම, නින්දෙහි ඇලී නොසිටීම, ඉඳුරන්හි වැසූ දොරටු ඇති බව, ආහාරයේ අරුත දැන සිටීම ය. මහණෙනි, මේ පස් කරුණ සමය විමුක්ත භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමය විමුත්ත සූත්‍රය නිමා විය.

පස්වෙනි තිකණ්ඩකී වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

අවජානාති සූත්‍රය, ආරම්භති සූත්‍රය, සාරන්දද සූත්‍රය, තිකණ්ඩකී සූත්‍රය, නිරය සූත්‍රය, මිත්ත සූත්‍රය, අසප්පුරිස දාන සූත්‍රය, සප්පුරිස දාන සූත්‍රය සහ සමය විමුත්ත සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

තෙවෙනි පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M