අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.5.7. අසප්පුරිස දාන සුත්තං

5.3.5.7. අසත්පුරුෂයින්ගේ දානය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ අසත්පුරුෂ දානයෝ පසකි. ඒ කවර පසක් ද යත්;

නොසකස් කොට දන් දෙයි. අගෞරවයෙන් දන් දෙයි. සියතින් දන් නොදෙයි. බැහැර කරන දෙයක් මෙන් දන් දෙයි. එහි විපාක තමාට ලැබෙන්නේ යැයි විශ්වාස නොකොට දන් දෙයි.

මහණෙනි, මේ වනාහී අසත්පුරුෂ දානයෝ පස යි.

මහණෙනි, මේ සත්පුරුෂ දානයෝ පසකි. ඒ කවර පසක් ද යත්;

සකස් කොට දන් දෙයි. ගෞරවයෙන් දන් දෙයි. සියතින් දන් දෙයි. බැහැර නොකරන දෙයක් මෙන් දන් දෙයි. එහි විපාක තමාට ලැබෙන්නේ යැයි විශ්වාස කොට දන් දෙයි.

මහණෙනි, මේ වනාහී සත්පුරුෂ දානයෝ පස යි.

සාදු! සාදු!! සාදු!!!

අසප්පුරිස දාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M