☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂු මිත්‍රයා ඇසුරු නොකළ යුත්තේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
බාහිර වැඩ කටයුතු කරවයි. අර්බුද උපදවයි. මුල් පෙලේ භික්ෂූන් හට විරුද්ධ ව සිටියි. කිසි අරමුණක් නැතිව දීර්ඝ චාරිකාවෙහි යෙදී සිටියි. කලින් කලට ධර්ම කථාවෙන් කරුණු කියන්නට, සමාදන් කරවන්නට, උත්සාහවත් කරවන්නට, සතුටු කරවන්නට ප්‍රතිබල නොවෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂු මිත්‍රයා ඇසුරු නොකළ යුත්තේ ය.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂු මිත්‍රයා ඇසුරු කළ යුත්තේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
බාහිර වැඩ කටයුතු නොකරවයි. අර්බුද නූපදවයි. මුල් පෙළේ භික්ෂූන් හට විරුද්ධ ව නොසිටියි. කිසි අරමුණක් නැතිව දීර්ඝ චාරිකාවෙහි යෙදී නොසිටියි. කලින් කලට ධර්ම කථාවෙන් කරුණු කියන්නට, සමාදන් කරවන්නට, උත්සාහවත් කරවන්නට, සතුටු කරවන්නට ප්‍රතිබල වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂු මිත්‍රයා ඇසුරු කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
භික්ඛුමිත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M